Sunday, January 13, 2013

කවිය නුඹ....

කවිය නුඹ........

හිතේ තෙරපෙන හැඟිම් මම කොච්චරක් නම් අකුරු වලට පෙරලන්න ඇතිද...
පිටු ගනන් කොච්චරක් නම් ලියන්න ඇතිද..
හිතට දුකක් සතුටක් පාළුවක් තනිකමක් දැනේන හැම වෙලාවකම මට මගේ ලඟින් හිටියේ කවිය නුඹයි....

අයාලේ ගිය සිතුවිලි..හිතට වද දෙන මගේ ම අකිකරු කවි...මගේ හිතේ තියන හැමදේම හැඟිම් වලට හරවන්න උදව්වවුනා...
ලඟින් කාත් කවුරුවත් නැති වෙලාවට
මට හිර කරන්න ඉන්න බැරි මගේම අකිකරු හැඟිම් අකුරකට පරිවර්තනය කරපුවාම හිතට කොච්චරක් නම් නිදහසක් එනවාද
මම ඒ නිදහස අද උපරිමෙන්ම විදිනවා

ඒ කවි කම මගේ අකිකරු අකුරු වලට ඇකිකරු කවි වලට
මම මටත් වඩා ආදරෙයි....හැමදාමත් මට මගේ ලඟින් හිටියේ නුඹයි
ඒ මගේ කවි කමයි....

------------------------------------------------------------------------------------------------
කවිය නුඹ
මගේ හිත නිවුව තරම්
මගේ හිත රිදවුව තරම්

කවිය නුඹ
මගේ පාළුව මැකුව තරම්
මගේ හද හැඳිනුව තරම්

කවිය නුඹ
මගේ සිත කියවුව තරම්
මගේ ඇස් හිනැහුව තරම්

කවිය නුඹ
මගේ ලඟ නුඹ සිටිය තරම්
මගේ සිත සැනසුව තරම්

කවිය නුඹ
මම නුඹට පෙම් කෙරුව තරම්
මම නුඹේ වුව තරම්

කවිය නුඹ....

2 comments:

  1. ඇත්තටම මේ කළුවර හීනය තමන් හිතට එබිල ලියපු එකක්ද.. නැත්තම් මීගොඩයගෙ හිතට එබිල ලියපු එකක්ද...?

    දන්නවා මේ ඔයාගේ හිත... හැබැයි මේ කවිය මගේ හිතටත් කථා කරනවා

    ReplyDelete
  2. මේකනම් අපි හැමෝම ගැන ලිය උන කවියක්.. ලස්සනයි..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?