Tuesday, December 4, 2012

අසම්මත පෙම


මම නුඹට පෙම් කරමි
හද පතුලෙන්ම පෙම් කරමි
මෙය හැඟිමක්ද
ආසාවක්ද ආදරයක්ද ආකාර්ෂනයක්ද
මම දන්නේ නැ
නමුත් මට නුඹව අවෂයයි. ඇත්තටම අවෂයයි
ඒ කොහොමද මොනවටද කියන්න මම හිතාගෙන නැ..ඒ පිළිබඳ හැඟිමක්වත් මා තුල නැ...
නමුත් මට නුඹව අවෂය කරනේ මොන යම් වෙලාවටද ඒ සැම අවස්ථාවකදිම නුඹ මගේ ලඟින් සිටි....
විටෙක මා හද හොඳින් හඳුනාගත් මිතුරෙකු ලෙසින්
තවත් විටෙක මා හොඳින් ආසා කරන සොදුරු පුද්ගලයෙකු ලෙසින්
තවත් විටෙක ලැබැදි සොහොයුරෙකු ලෙසින් ඇතැම් විටෙත් පෙම්වතෙකු ලෙසින්....
පෙම්වතෙකු ලෙසින්....නන්නාදුනනා පෙම්වතෙකු ලෙසින්
මම නුඹට පෙම් කරමි
සැබවිම්ම පෙම් කරමි
අසම්මත ලොවක් තුල සම්මත යැයි නොහැගෙන රාමුවකට යටත්ව මම නුඹට පෙම් කරමි
ඹය දඟ කරන කැරලි ගැසුනු කොන්ඩයට
මගේ හිත මන්මත් කරවන රන්වන් පැහැති ඔය මුහුණට
ආදරය ගලා ඉතිරි යන යන ඔය සෙනෙහෙබර හිතට
මම ආදරය කරමි
අන්කවරදාකවත් නොහැඟුන අන්දමින් මම නුඹට පෙම්කරමි...
මෙය ඇත්තෙම් ආකාර්ෂනයක්ද නැතහොත් මුලාවක්ද
මම නොදනිමි
නමුත් හද පතුලෙන්ම නැග එන අවංක සිතිවිලිත් සමඟින් දොලනය වන මගේ හද නිරතුරුවම නුඹේ හදවත සොයයි... තව තවත් සොයයි....
හද ගැහෙන රාවයන් මන්මත්ව හද ගැහෙන වේගෙටත් වඩා වැඩියෙන් තව තවත් නුඹේ සිතිවිලි තුල මා කිමිදෙමි....
ඇත්තෙන්ම
මා නුඹේ වි අවසන්ය
මගේ මුළු ආත්මයෙන්ම මම නුඹේ වි අවසන්ය
ආදරය යන නාමයෙන් මම නුඹට පෙම්කරමි
මගේ ආත්මයෙන්ම මම නුඹට පෙම්කරමි
අදත් හෙටත් මතු මතුත්
අසම්මත ලෙවක් තුල සම්මතයැයි මවාගත් රාමුවකට යටත්ව මෙලෙව සරන කිසිදු දිනකදිවත් එකන්නොවන පැතුමන්ද හද රදවා ගනිමින් මම නුඹට පෙම්කරමි
මගේ අවසන් හුස්ම වැටෙන තෙක්ම එකම පැතුමක් හිතේ රඳවාගනිමින් නුඹට පෙම් කරමි
මගේ නොවුනත් මගෙයැයි සිතින් සිහින මවමින් පෙම්කරමි....
...

4 comments:

  1. හ්ම්ම්.... ආදරයට කදුල හරි ලගයි නේද.....

    ReplyDelete
  2. සිතුවිලි/නිසදැස් වලින් මිදිලා අද.... ලිපියක්. :)

    ReplyDelete
  3. පට්ටයි යාළු....ආදරය කරද්දී සතුට විතරක්ම විඳිනවානම් ඒ ආදරෙන් වැඩක් නෑ අප්පා....

    ReplyDelete
  4. අසම්මත ආදරය හීනයක් වගෙයි. සුන්දරයි. අසුන්දරයි.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?