Sunday, December 30, 2012

ඉතින් ආයුබෝවන්




අද 31 වෙනිදා
අවුරුද්දක්ම ගෙවිලා ඉවරවෙන්නතියෙන අන්තිමම දවස
මේ අවුරුද්ද ගෙවෙනවා මට දැනුනේවත් නැ
කාලය හරි හුඟක් ඉක්මණින් ගෙවිලා යනවා
ගෙවිලා ගිහින්
2012ත් ඉවර වෙලා 2013ත් ලබනවා
මම මට මොනවාද කරගනෙ තියෙන්නේ
මම අනිත් අයට මොනාද කරලා තියෙන්නේ
මම මගේ සතුට වෙනුවෙන් මොනවද නොකරලා තියෙන්නේ
මම අනුන්ගේ සතුට වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ
මට තව මෙනාවද කරන්න ඉතුරුවෙලා තියෙන්නේ
මම මම දිහාම බලනවාආපස්සට
මාස 12ක් ආපස්සට
දින 365 ආපස්සට
මේ අවුරුද්දේ ඇතුලත මම මටම කියලා ඉගෙන ගත්ත දෙවල් හුඟක්
මම මටම කියලා අයිති කරන් තිබ්බ එත් අන්තිමෙදි මටමවත් අයිති නොවුන දෙවල් හුඟක්

හිතන් හිතලා සතුටුවෙන්නවත්
කාත් එක්ක හරි කියලා හරි සතුටු වෙන්නවත් මෙහෙමයි කියන්නෙ දෙයක් මම මටනම් කරගෙන නැ
මට තියන දුකත් එකමයි
කමක් නැ
එත් මය අද කට පුරවලා කියන්න පුළුවන්
ජිවිතේ මහා ලොකු තිරණයක් ගත්තා
තනියම
මම මටම වරදින්න ගිය ජිවිත කාලයම වුනත් විදවන්න පුළුවන් වුන දෙයක් මම මගේ හිතට කතා කරන්නේ නැතිව බුද්දියට ඇහුම්කන් දිලා මම විසින්ම එක වලක්ව ගත්තා
හිතලා හරි සතුටු වෙන්න තියෙන්නේ එක ගැන විතරයි

මගේ හිතේ සතුට හොයන් ගිහින් අනිත් අයගේ සතුටට බාධාවෙයි කියලා මම මගේ හිතේ ආසවන් නැති කර ගත්ත වාර නම් අනන්තයි
එත් කමක්නැ
මට එකත් ඇති හයියකට
මට සතුටු මං ගැනයි
මම තාම නිහයි
හරියට ගෙවෙන දියනක් දිනයක් වගේ පැයක් පැයක් වගේ
මම මං ගැන සතුටු වෙනවා
කාට නැතත් මට මං ගැන සතුටුවෙන්න මම ලබපු අත්දැකිම් ඇති
මට ඉගෙන ගන්න ලැබුන දෙවල් ඇති
සමහර දෙවල් දිහා හැරිලා බලද්දි ඇයි මම මෙච්චර මෝඩ වුනේ කියලත් හිතෙනවා
එත් ඔනේම ගැණු චරිතයක තමන්ගේ හිතටත් හොරෙන් හැන්ගිච්ච බොලඳ කමක්තියනවා
කවුරු හරි නැ කියනවා නම් ඒක අමුලිකම බොරුවක්
මටත් ඒ බොලඳ කම්වලට මුණ දෙන්න වුන වාර අනන්තයි
මම හිතින් මටම හිනාවෙලා ඒ වැරදි නැවත නොවෙන්න උත්සහ කරනවා
මට සතුටුයි මම ගැන
හුඟක්

:)
මේ අවසන් වෙන අවුරුද්ද අදින් අවසන් වෙන අවුරුද්ද තවත් එක දිනයක් නොවේ
හෙටත් ඉර පායනවා දවස පටන්ගන්නවා දවස ගෙවෙනවා ආයිත් තවත් අළුත් දවසක් :)
ජිවිතේ ගෙවෙනවා ටිකෙන් ටික් අපිත් අපේ ජිවිතය ගෙවනවා
එක අවුරුද්දකට මාස කිහිපයකට හෝරා කිහිපයකට සිමා නොවි
තවත් අළුත් වසරක් තවත් අළුත් දිනයක් තවත් අළුත්ම අළුත් වුන ගමනක් යන්න
පුංචිම බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හෙට දවසට මුණ දෙන්න
මම අද මේ ගෙවුන වසරට ආයුබෝවන් කියනවා

ඇත්තටම මට සතුටු මම ගැනම විතරයි .....


ඉතින් ආයුබෝවන් 2012 :)

3 comments:

  1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  2. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?