Monday, December 24, 2012

මම මියැදෙමි නුඹේ මතක ඉසව්වෙන්




වරදින් නුඹ මා හමුවුනු මේ භවයේ
දුක සුසුමන් හද කොන රැදිලා තිබුනා
නුඹේ අත ගන්නට පින් කෙරු තරමට
වෙන් වෙන්නම් දුක හද ලඟ තනිකරලා

සිතකින් සිතකට දුක උරුමයි දැන්
නෙතකින් නෙතකට කඳුලැලි වැටිලා
හදින් දරාගෙන වෙන්වි යන්නම්
දුක් කඳුලැලි දැන් හද මගේ රිදවාලා

නොසිතා ලතැවි හද හැඟුමන් දැන්
මසිතින් දුරගොස් කඳුලැලි උනලා
තනිකම තනියට නෙතු හඩවයිනම්
මම මියැදෙමි නුඹේ මතකය මකලා

1 comment:

  1. වරදින් වූවත් හමු වූ හින්දා
    නුඹට කරන්නට දෙයක් නැතී
    වෙන් විය යුතු නම් වියැකී යනු මිස
    ඒ විජිතය හැර දුරක ඇතී

    සිතින් සිතට සුසුමන් යුතු වැලපෙන
    හසරැල්ලක් පළදන්න බැරී
    නෙතින් නෙතට උරුමය කදුළක් නම්
    සමුගන් දෑසින් අදුර පිරී

    එහෙත් එක තැනක් වැරදුණු හින්දා
    මියැදෙන සිතකින් පලක් නොවේ
    නැගිට්ටොතින් හිත දුක් ගිනි මකලා
    යන මාවත නෙක පහන් මැවේ


    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?