Sunday, December 23, 2012

අයේ හමුවෙමු අපි





වෙන්ව යන්නට
මොහොතකට කලියෙන්
නුඹ මගේ නලලත සිඹ හරි ආදරයෙන්
දුන්න හාදුව...
හදවත ගැහෙයි මගේ හයියෙන්
යන්න දෙන්නට නොහැකි අයුරින්...
පාළුවක් දැනෙයි හිත ලඟ
ඒත් යන්නම යන්නේමි මම අද
අයේ හමුවෙමු අපි
පුරුදු ලෙසටම
පාළු පාරේ දෙවැට අයිනේම....

1 comment:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?