Friday, December 21, 2012

කාලය මැව් වෙනසක අරුමේ...................

පද හතරක් එකින් එක ගලපනා කවියක් ලියනවා වගේ නෙමෙයි හැඟිමක් එකතු කරලා හිතේ තියන හැමදෙම කොලයකට දාන එක...එක හරිම අමාරු වැඩක්....හිතේ තියන හැමදේම මට ලියලා ඉවර කරන්න පුළුවන් නම්.....පොත් ගන්න කොල ගන්න ලියතැකි....ඒ තරම් මේ හිත ඇතුලේ දුක පිරිලා...විරහව ඇතුලේ සුසුම්ලන හැඟිම් එකතු කරන්න පුළුවන් නම් එකතු කරලා ලියාගන්න පුළුවන් නම් හැඟිමක කැලතිච්ච පැරදුන ප්‍රේමයක ගැබ් වෙලා තිබ්බ හැම හැඟිමක්ම හරිම සතුටින් විදින්න තිබ්බා....අඩුම තරමේ කවදා හරි දවසක ඒ දුක මෙහෙමයි කියලා කියවලා රස විදින්න තිබ්බා....
මගේ කවි ලෝකයට එන්න කියලා ලාර පෙන්නුවේ නුඹයි...කවියක් ලියන්න අ යනු ආ යනු කියලා දුන්නේ නුඹයි...මගේ කවියේ මුල් ගුරු නුඹයි....කොටින්ම කියුවොත් මට කවිය මෙතයි..මේවිදියටයි වෙන්න ඔනේ කියලා මගේ කවි වලට මාතෘකාව වුනෙත් නුඹයි... හැම හැඟිමකම ගැබ් වෙලා තිබ්බ අහින්සකම සිතුවිල්ල නුඹයි...මගේ හැම කවියටම පදනම නුඹයි...



මම ලියපු හැම කවියකම
පදනම වු නුඹ
නුඹ මවපු හැම සිතුවමකම
හැඟුමක් වු මම
අපි ගොතුපු හැම පදවැලකම
එලිවැට වු නුඹ සහා මම
වැරදුනු තැන කොතැනද
වරදින තැන කොතද
අසම්මත කවි පෙළක
සම්මත සිතුවිල්ල
නුඹ
මම
අපි


 

ජිවිතෙත් හරිම පුදුමයි.වෙලාවකට තෙරුම් ගන්න බැරිතරම්ම පුදුමයි
තොර ගන්න බැරි ප්‍රේහලිකාවක් වගෙයි....
හරියට නුඹෙයි මගෙයි ආදර කතාව වගෙයි...
කිසිම තෙරුමක් නැතිව හම්බ වෙලා තෙරමක් නැතිව ආදරය කරලා තෙරුමක් නැතිවම වෙන්වෙලා ගියපු හරි පුදුම කතාවක්...
ඒ පුදුම හිතෙන තෙරුමක් නැති කතාවේ මතක් කරලා සතුටුවෙන්න පුළුවන් සැමරුම් හුඟක්
මට ඒ හොදටම ඇති
සජිවි නුඹේ පෙම විදිනවාට වඩා මිය ගිය අතිතයක රැදවිච්ච සමරුම් හුඟක් ලඟ හිත නතර වුන මතක පෙමකට  පෙම් බඳන එකත් හරිම වටිනවා...

එදා ඉදන් අදවෙනකම්ම අපි අතර බෙදා ගැනුනු හැම අත්දැකිමක්ම හැරුනු විට ඒ හැම දෙයක්ම වෙනසක් නැතිව ඒ විදියම තියනවා....
වෙනසකට තියෙන්නේ නුඹ මම හමුවෙන්නේ නැ ඉස්සර තරම් කතා කරන්නේ නැ
අපි අපේ දෙවල්බෙදා ගන්නේ නැ
ඒත් හිත් දෙකටම මැදි වුන ඒ ආදරය සෙනෙහෙස තාමත් පුරුදු ලෙසටම ඒ විදියටම.....

හමුවෙලා කතා කරමු අපි
කවුරුවත් නැති ඉසව්වක හිද
ලංවෙලා මොහොතකට හරි
අපි අපේ ලොව දොඩමළුව
කවුරුත් එන්නේ නැති
අරලියා පිපුනු දෙවැටේ හිද
හමුවෙලා වෙන්වෙමුද අපි
තිතතැබු කතාවක අගින් හිද

සැනසිලා නැලවෙන්න
පෙර ලෙසට ලඟින් හිද
හිනැහිලා ඉන්නවාද නුඹ
අර ඉස්සොරම වාගේ මඟ
හමුවෙලා වෙන්වෙන්න
මොහොතකට හරි නුඹට මට
යලි පාර කියනවාද නුඹ
ඇවිත් යන්නට එක මොහොතක


-------------------------------------------------------------------------------------------


3 comments:

  1. kavi tika nana lassanayi shashiyoo...eth dan oya hama kaviyatama ena topic eka wenas karanawanan mama kamathi ......jaya wewa..

    ReplyDelete
  2. විරහ වේදනාවවිදපු කෙනෙක් කියන කතාවක් මාමා කවදාවත් නොසැලක හැරලා නැ. වැඩේ ලස්සණඑ. දිගටම ලියන්න සුභ පතනවා.ජය!!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?