Tuesday, November 13, 2012

මගෙන් නුඹ ඇතකට ඇදෙනවා.....




ඇවිද යන්නම් දුරක මම
පාර තියෙනා ඉසව්වක් ලඟ
යනෙන හැම තැන පාළු මඟ ලඟ
නුඹව මම තව සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා

සිනාසෙන්නම් සිතින් හැමදින
නුඹේ හසරැල් හදට අරගෙන
සිනාවෙන මොහොතකුත් පසා
නුඹේ සිත මම සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා

නෙතට නෙත හමුවෙනා මොහොතක
නුඹව සෙයනෙමි වරු ගනන් මම
නුඹේ කැල්මක් ලැබෙන තෙක් මම
වරු ගනන් මඟ බලනවා
නුඹ ඉවත ඇඳිලා දුවනවා
මගෙන් ඇතට දුවනවා

5 comments:

  1. හ්ම්ම් අර්තයට ගොඩක් ආසයි මං අපුරුයි අක්කෙ..

    ReplyDelete
  2. ලස්සන කවි පෙළක්.... :)

    ReplyDelete
  3. රසවත් කවි පෙළක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. විරහවේ ඇති රසයත් මෙයයි :)
    අනර්ඝයි

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?