Wednesday, November 7, 2012

ජිවය පුදමි සිත නොසැලි රට දැයට



ගිණ පුපුරණ හඩ ඇසෙනා දෙසවණට
මර බිය දැනේනවා ගැහෙනා පපුතුරට
තල්වැට මායිමෙන් වෙන්වෙන යුධ බිමට
මම ණය ගෙවනා ලක් මව් තුරුලේ සිට

බඳවට පුරා එතෙනා ගිණි බටය ලඟ
මම දුක කියනවා ගැහෙනා හදක් ලඟ
මව් පිය දෙනෙත් සිහිවෙනවා කඳුළු ලඟ
රුරා ගලනවා හැඟුමන් පැරුණු හිතක් ලඟ

හැඟුමන් බිඳි ගලනා රතු රුධිරයට
රුරා ගලන දහදිය බිදු සුවඳ ලඟ
මරණය අසල හිත සැසලෙන හදට
ජිවය පුදමි සිත නොසැලි රට දැයට

තල් වැට පුරා හඩගානා වෙඩි හඩට
විසිරි පොලොව සිඹිනා රන් රැධිරයට
හදවත කාඩා වැටෙනා සුළු විරාමෙට
නොදැනිම කඳුළු වැටුනා ලය පුරාවට

බංකරේ පුංචි කාමරයක තනිවිලා
තල් වැට ලඟම හැඟුමන් හිත පුදලා
ලක් මව රකින විරු පුතනුවක් වෙලා
සිතුවිලි පුදනවා හද තුරුලේ මියැදිලා

5 comments:


  1. රතු ලේ වැගුරුනත් මේ සටන් බිමේ
    කප් රුක නොසැලි නුඹ රැදි ඉන්නේ
    රට දැය සමය අගම රැක ගන්න සටන් බිමෙ
    වීර ලෙසින් ලක් මව් රැක ගනින් පුතේ


    ReplyDelete
  2. හැඟුමන් බිඳි ගලනා රතු රුධිරයට
    රුරා ගලන දහදිය බිදු සුවඳ ලඟ
    මරණය අසල හිත සැසලෙන හදට
    ජිවය පුදමි සිත නොසැලි රට දැයට

    lassana nirmanayak

    ReplyDelete
  3. හිතට දැනුන කවි පෙලක්...

    ReplyDelete
  4. ටොප් වියමන...
    හිතට දැනෙනව කියවගෙන යනකොට

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?