Thursday, November 22, 2012

මම මගේ ලොව හැමදා තනිවෙනවා

නුඹ නිසා වැටෙනා කඳුලැලි පසා
හදවත තවමත් රිදවනවා
ඔය නෙතු තුල මා දැහැනේ වැදිලා
හිත නිතරතුරු තව විමසනවා

සිල් සුවඳ හමනා මුදු පෙම් සිහිලේ
මම තාමත් සැඟවි නැලවෙනවා
ඔය නෙතු අමතක වෙනතෙක් හදවත  

නිතරුවම තව විමසනවා
නොපිරු පෙරුමන් නොපැතු පැතුමන්
තවමත් මතකය දළුලනවා
ඒ සිනා ලඟ නුඹ හිනැහෙයිනම්
මම මගේ ලොව හැමදා තනිවෙනවා

3 comments:

  1. තනිකම නිවා ලන්නට හැකිවෙද හුදකලාවේ ඔබට?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  3. මාර ලස්සනයි....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?