Monday, November 26, 2012

අම්මේ නුඹ නැති දිවිය පාළුයි එන්න හනිකට දැන්

නොලැබෙන සෙනෙහෙකට මම කවි වැල් අමුනන්නේ කෙලෙසෙකදෝ...
_______________________________

සිහිනෙන් සොයන්නම් නුඹේරුව මට දුරක නිසා
හැඟුමන් පතන්නම් තනිකම මගේ ලඟික නිසා
කඳුලැලි සලන්නම් සොනෙහස මට අහිමි නිසා
නුඹ තව පතන්නම් මම නුඹේ දුවනියක නිසා

ඇසට නොපෙනෙන මායිමෙ හිද නුඹේ සෙනෙහෙ මම පතනවා
හිතට නොදැනේන සිතුම් අතරින් මම නුඹව තව යදිනවා
කණට නොඇසෙන දුරක හිද මම නුඹව සවන් තව සොයනවා
අපිට නොපෙනෙන යදම් අතරින් මවිනි මම තව හඩනවා

හැඟුම් අතරන් නුඹට නොසිතෙන මොහොතකුත් වෙයිනම්
පැතුම් අතරින් නුඹව නොහැගෙන පැතුම් නැහැ මට දැන්
මටම හිමි නැති ලොවක් අතරින් නුඹම පතනෙමි දැන්

අම්මේ නුඹ නැති දිවය පාළුයි එන්න හනිකට දැන්

3 comments:

  1. :( හිතට වදින්නම ලියල තියෙනවා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  2. අම්මේ ඔබේ ඇස් පියවුන දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
    අම්මේ ඔබ ලොව නැතිඋන කාලෙක කවුරුද මගේ දුක සැප විමසන්නේ

    අම්මලාගේ අගය හැමදාටම අඩුනොවෙන්නක් ...............

    ReplyDelete
  3. සංවේදීව ලියලා තියෙනවා..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?