Friday, November 2, 2012

නිවනින් අවසන් වෙන ගමනේ

යානොහැකි මඟ තොටක
රැදි උන් පින් සිසිල මට
නොමැති නම් දිවි මඟට
ගෙවනු කෙලෙසද සසර මඟ

රැඳි ආ ගමන් මඟ තුල

සසර දුරු කතර දිග
ගෙවෙයි නම් මගේ දිවිය
බුදු සමිඳුගේ සෙවණ යට

රැඳුනු මෙත් සිසිල ලඟ

අතැති බෝ කොළය තුල
මැවුනු අනියත දම
පසක් විය බුදු සුවඳ යට

ගෙවු දුරු කතර මම

සසර දුක නිවෙන මඟ
තවත් නොපමාව යමි
බැමි ලිහෙන තුරු ගමන

______________________________.

10 comments:


  1. නිසල සංසුන් සිතින්
    පෙර මග වඩින්නෙ
    ධර්ම නෙත සොයා යන
    මහිමයෙ සිටින්නෙ

    දෙ මව්පියන් සොහොයුරන්
    දුපුතුන් හැර දමා
    නිවන් මග සොයන්නට
    පුරන්නෙ ධර්ම මග පිලිවෙත්

    දුක හදුන ගත් අයුරු
    විමසන්න ඉඩ ලැදොත්
    කාහවතට එන සිත
    දුන් අයුර පැවසුවොත්

    ______එරන්______

    ReplyDelete
    Replies
    1. සිතත් නිඩව පවසනා හැටි
      අසන් හෙමහිට ලඟට ඇවිදින්
      කහවත් දෙන අමා සුව විද
      නිවන් මඟ ලඟ නතර වෙමු අපි

      ____________________________
      රිප්ලයි කවිය හරිම ලස්සනයි ඊර්ෂාන් අයියේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ලොවෙ දුක අත් දුරු කරන්නට
      බුදු හිමි බෙලෙන් ඒ මග පියනගන්නට
      අනුහස් දැහන මග මොක් සුව ලබන්නට
      මමත් පතන්නෙමි කහවත් පිලිවෙත පුරන්නට

      Delete
  2. ගෙවු දුරු කතර මම
    සසර දුක නිවෙන මඟ
    තවත් නොපමාව යමි
    බැමි ලිහෙන තුරු ගමන

    ලස්සනයි

    ReplyDelete
  3. අයියො අසරණයි.කොහොමද ඉතිං මම පිළිතුරු කවි අමුණන්නේ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. හරිම ලස්සනයි තෙරුම ....

    ReplyDelete
  5. හරිම ලස්සනයි කවි පෙල..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?