Tuesday, November 13, 2012

අවසර (නො)ලද පෙම් ඇරයුම

හඳුනානොගත් නුඹ
හැම විටමක මගේ හද
හඳුනාගන්නට මට
කිසි විටක නුඹව
අවස්තවක් නොලද
නිසාවෙන්
පසුතැවෙමි මම
තවම තනිවම

පසුසපස හබායම
ඔබව හඳුනාගැනිමට
මම අතහැර දමන්නමි
අපිට අපි හමුනොවන තැන හිද
දනිමි මම එය
පලක් නොවන වග
අපිට අපි හෙමුනොවන ඉසව්වක

සුභ ගමන් නුඹට
කිසිදින හදුනා නොගත්
කිසිද නොහැගුන නුඹට
මටත් කිසි දිනෙක පෙම් කරන්නට
අවස්තාවක් නොලද
මගේම නන්නාදුරනා පෙම්වත

ඉතින් අවසරයි නුඹට
මම හඳුනා නොගත්
නාන්නාදුරනා මගේම පෙමවත
වෙන්ව යමු අපි
අපේ ලොවක් වෙත
අපිට අපි අයිති නැති
පෙම් ලොවෙන් මිදි
එක මොහොතකට

7 comments:

  1. ලසස්න කවියක්....තව ලියන්න ලස්සනට..

    ReplyDelete
  2. ටිකක් විතර මොකක්ද වගේ.....
    පසුතැවීමක්, බලාපොරොත්තුවක් දෙකක්ම දැනෙනවා

    (අකුරු ගැන හිතන්න)

    ReplyDelete
    Replies
    1. පිලිගන්න බැරි ආදරයක් එකයි මල්ලි
      ඔව් ටිකක් අකුරු ගැන හිතන්න ඔනේ මට හැමදාම වරදින්නේ ඔතන තමයි

      Delete
  3. පසුතැවිලි නොවන්න - දැන් ප්‍රමාද නිසාවෙනි
    ඉගෙනගන්න ඒ අතීතයෙන් - අනාගතයට උවමනා නිසා
    අමතක නොකරන්න - නැවත එය වියහැකි නිසා
    අවදියෙන් සිටින්න - උන වරද යලි නොවිය යුතු නිසා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?