Thursday, November 1, 2012

අරමුණක් නැති හෙටක්......

නමක් නැති කතාවක්
මුලක් නැති ඇරඹුමක්...
තිතක් නැති නිමාවක්
හෙටක් නැති අද දිනක්....

ඇරඹුමක් නැති අවසනක්
හිනයක් නැති ඇස් දෙකක්
පැතුම් නැති පෙම් හිතක්
හැඟුම් ගොළු වුන හදක්

තබන්නට අවසනක්
ලියන්නට හිතයි කවක්
ලැබෙයි නම් ඇරඹුක්
ගොතන්නම් පෙම් සිත්තමක්

12 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම් ලස්සනයි....

    ReplyDelete
  2. කතාවට නමක්
    සිතිවිල්ලට ඇරඹුමක්
    සෙනෙහසට ඇරයුමක්
    දෙනවද පොඩි ඉඩක්...

    ReplyDelete
    Replies
    1. තාලෙකට හිත ලඟට ඇවිත්
      සෙනෙහසක් දෝතින් අරන්
      හිදිනම් නුඹ මගේ ලඟන්
      ඉඩනොදෙන්නේ ඇයිද මං තවත්

      Delete
  3. ඔබෙ නමක් නැති කතවට
    නිමක් නැති ඔය ඔබෙ ඇරඹුමට
    තිතක් ඔබේ නිමවට
    මිතු දම්ක් අරන්න එන්න මම සදහටම

    ReplyDelete
    Replies
    1. සෙයුරුදමින් පිරි
      නුඹේ මිතුදම
      වටි මට හරි වටි

      Delete
  4. පෙරවදනක් නැතුව පසු වදනක් මක්කටද..?

    ReplyDelete
    Replies
    1. අන්තර්ගතයක් තියෙනවානේ එකයි

      Delete
  5. සිංදුවක් මතක් උනා නදීකගේ. ලස්සනයි සිතුවිල්ල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දුව මොකක්ද?

      Delete
  6. හ්ම්.. ලස්සනයි..
    අද තමා මේ පැත්තට ගොඩවුන පලමු දවස

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?