Thursday, November 29, 2012

නිදන්න නුඹ සුව නින්දකම

සිප වැලද ගන්නම්
ඔය සුමුදු සුසිනිදු මව කමල
ආදරෙන් නහවමින්
පෙම් දියේ කිමිදෙන්න
උවම් නෙලද්දත් මම
පෙම් කරමි සදහටම

නිදන්න නුඹ
සුව නින්නදෙහිම
සුවඳ වත්සුනු තැවරු
සිහින ලොවක් දකිමින්
ඇවිත් මවෙතට
මුදු සෙනෙහෙ පාමින්
නුඹේ සෙනෙහස
ඉතිරිකර හද ගැබ තුල
නුඹ නිදන්න සුව නින්දකම

ආදරෙයි නොකියෙනා
වදන් තුල..
මම සොයමි තව නුඹවම
අන් හදක් තුල
සුවය ලබනා නුඹට‍
පෙම්කරමි මම
මගේ මුළු හදවතින්ම

නිදන්න නූඹ සුව නින්දකම
මට අහිමි ඒ සිහින මවමින
ආදරේ නාමයෙන්....
නිදන්න නුඹ
තව තවත් සුව ලෙසට
මට අහිමි මගේ හිනය
මගේ නොවන ලෙස

______________________________________සෂි-

Tuesday, November 27, 2012

තනිකම මගේ ලඟ තනියට හිදි නම්




 
 
යනෙන මඟතොට
පාළු පාරක
දැනෙන තනිකම
නුඹ ගෙනෙයිනම්

ඇසෙන වදනක
නැගෙන සො දුක්
හද දවා දැන්
රිදුම් දෙයිනම්
 
නැගෙන තනිකම
රිදෙන හදවත
තවත් රිදවුම්
මට ගෙනෙයි නම්

හිතින් ලැතැවි
හඩනු ඇයි මං
ලඟින් තනියට
තනිකම හිදියි නම්

Monday, November 26, 2012

අම්මේ නුඹ නැති දිවිය පාළුයි එන්න හනිකට දැන්

නොලැබෙන සෙනෙහෙකට මම කවි වැල් අමුනන්නේ කෙලෙසෙකදෝ...
_______________________________

සිහිනෙන් සොයන්නම් නුඹේරුව මට දුරක නිසා
හැඟුමන් පතන්නම් තනිකම මගේ ලඟික නිසා
කඳුලැලි සලන්නම් සොනෙහස මට අහිමි නිසා
නුඹ තව පතන්නම් මම නුඹේ දුවනියක නිසා

ඇසට නොපෙනෙන මායිමෙ හිද නුඹේ සෙනෙහෙ මම පතනවා
හිතට නොදැනේන සිතුම් අතරින් මම නුඹව තව යදිනවා
කණට නොඇසෙන දුරක හිද මම නුඹව සවන් තව සොයනවා
අපිට නොපෙනෙන යදම් අතරින් මවිනි මම තව හඩනවා

හැඟුම් අතරන් නුඹට නොසිතෙන මොහොතකුත් වෙයිනම්
පැතුම් අතරින් නුඹව නොහැගෙන පැතුම් නැහැ මට දැන්
මටම හිමි නැති ලොවක් අතරින් නුඹම පතනෙමි දැන්

අම්මේ නුඹ නැති දිවය පාළුයි එන්න හනිකට දැන්

Thursday, November 22, 2012

මම මගේ ලොව හැමදා තනිවෙනවා

නුඹ නිසා වැටෙනා කඳුලැලි පසා
හදවත තවමත් රිදවනවා
ඔය නෙතු තුල මා දැහැනේ වැදිලා
හිත නිතරතුරු තව විමසනවා

සිල් සුවඳ හමනා මුදු පෙම් සිහිලේ
මම තාමත් සැඟවි නැලවෙනවා
ඔය නෙතු අමතක වෙනතෙක් හදවත  

නිතරුවම තව විමසනවා
නොපිරු පෙරුමන් නොපැතු පැතුමන්
තවමත් මතකය දළුලනවා
ඒ සිනා ලඟ නුඹ හිනැහෙයිනම්
මම මගේ ලොව හැමදා තනිවෙනවා

අපි හමුවුවත් යලි වෙන්වුවත්




හිතුවිලි සිරවි නෙත් දෙක බොඳවි හදවත වැලපෙනවා
ඇසිපිය නොහෙලා දෙවසන් සිරකර සිතුවම් බොඳ වෙනවා
අදහගන්නත් නොහැකිය තව මට හදවත රිදවෙනවා
පෙම් කල හදකින් දුක් උහුලන විට මැරි මරි ඉපැදෙනවා

පෙම්බර වදනින් මා සිපගත් හැටි තව තව මතකේ ඇතේ

මල් හසරැල්ලෙන් රැදි සැනසිල්ලෙන් තව පෙම් සිසිල දැනේ
හිත ගොළු වුවත් හද හැඩවුවත් නුඹ තව දුරස් නොවේ
මා පෙම් කෙරුවත් නුඹ පෙම් කෙරුවත් නුඹ මට අයිති නොවේ


සමුගනු කෙලෙසද පෙම් කරතරමට මට මං අයිති නැතේ

ගොළුවනු කෙලෙසද දොඩමළු වුවෙන් දෙසවනේ රැඳි නැතේ
මගේ පෙම නොවුවත් අන්සතු වුවත් ඔය නෙතු මතකේ ඇතේ
අපි හමුවුවත් යලි වෙන්වුවත් පෙම් හිත මට අයිති නැතේ

Thursday, November 15, 2012

මොන(ලි)සා

නුඹ ඔහොම
මදේස බලා සිටි
මම
මෙහෙම
ඔබ දෙස බලා සිටි
වියැළුනු දුකක්
හද පිරි පෙමක්
ලඟ නැති හිතක්
එත් සුන්දර හැඟුමක්
ප්‍රේමයද මේ
ආලයද මේ
නිරුත්තර හැඟුමක් ලඟ
අවයාජ පෙමකින්
බලා සිටිමි මම
තවත් මොහොතක්
නුඹ දෙසම
නුඹේ නිකලැල්
වත දෙසම....

______________________________________සෂි.

Tuesday, November 13, 2012

මගෙන් නුඹ ඇතකට ඇදෙනවා.....




ඇවිද යන්නම් දුරක මම
පාර තියෙනා ඉසව්වක් ලඟ
යනෙන හැම තැන පාළු මඟ ලඟ
නුඹව මම තව සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා

සිනාසෙන්නම් සිතින් හැමදින
නුඹේ හසරැල් හදට අරගෙන
සිනාවෙන මොහොතකුත් පසා
නුඹේ සිත මම සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා

නෙතට නෙත හමුවෙනා මොහොතක
නුඹව සෙයනෙමි වරු ගනන් මම
නුඹේ කැල්මක් ලැබෙන තෙක් මම
වරු ගනන් මඟ බලනවා
නුඹ ඉවත ඇඳිලා දුවනවා
මගෙන් ඇතට දුවනවා

හෙට ලොවට පා නගන දුවනියනි

යොමා දෙඇස විවර කර අද
බලන් ලොකය දිවෙන ලස්සන
දුවයි ලොකය හෙමින් තාලෙට
ලාතාවක් සෙ අපේ රිද්මෙට

ඇසේ රැව්දෙන සිතුම් පොදි ලඟ

නුඹෙ පැතුමන් තියන් හෙමිහිට
යමන් හනිකට ලොකයක් වෙත
අවදි කරන නුඹ නුඹේ නුවනැස

යනෙන මඟ තොට හමුවෙනා නෙත්
හැරි බලපන් මොහොතකට වුව
බැලුව මුත් නුඹ එ ඇස් වෙත තව
නතර නොකරන් අනේ කිසි දින

ලොවක් හිනැහෙයි නුඹේ දෙස තව
ඇසුත් විහිදා වපර කරමින්
ගෙවන් නුඹ නුඹේ සොඳුරු දිවියම
නුවනැසින් තව බලා ලොව දෙස

රුදුරු විස ඇස් අත වනයි නපුරට
එයින් නික්මි සිනාසෙනු මැන
නපුරු අස් වල ගොදුරු නොවියන්
ලොකයත් තව වසයි හොඳටම

අවසර (නො)ලද පෙම් ඇරයුම

හඳුනානොගත් නුඹ
හැම විටමක මගේ හද
හඳුනාගන්නට මට
කිසි විටක නුඹව
අවස්තවක් නොලද
නිසාවෙන්
පසුතැවෙමි මම
තවම තනිවම

පසුසපස හබායම
ඔබව හඳුනාගැනිමට
මම අතහැර දමන්නමි
අපිට අපි හමුනොවන තැන හිද
දනිමි මම එය
පලක් නොවන වග
අපිට අපි හෙමුනොවන ඉසව්වක

සුභ ගමන් නුඹට
කිසිදින හදුනා නොගත්
කිසිද නොහැගුන නුඹට
මටත් කිසි දිනෙක පෙම් කරන්නට
අවස්තාවක් නොලද
මගේම නන්නාදුරනා පෙම්වත

ඉතින් අවසරයි නුඹට
මම හඳුනා නොගත්
නාන්නාදුරනා මගේම පෙමවත
වෙන්ව යමු අපි
අපේ ලොවක් වෙත
අපිට අපි අයිති නැති
පෙම් ලොවෙන් මිදි
එක මොහොතකට

Thursday, November 8, 2012

විදුහල අප මාතා විශාඛා සැරදේ සව් සිරිනි......

මම ආසයි අර ඉස්සොරම වගේ උදෙ පාන්දරින් නැඟිටලා රැළි සුදු ගව්මත් ඇඳගෙන කොණ්ඩේ කරල් දෙකක් බැඳලා පොත් මිටියත් තුරුළු කරන් ආපහු ඉස්කොලේ යන්න...ස්කොලේ ගියපු කාලය කොච්චර සුන්දරද
කවමදාකවත් කොනක්ගේ ජිවිතයකට දෙපාරක් එන්නේ නැති එකම එක සුන්දරම කාලය තමයි පාසල් කාලය...මටත් තියෙනවා මතක් කරලා සතුටු වෙන්න පුළුවන් විදිහේ හුඟක් සුන්දර සිදුවිම ගොඩාක් එකතු කරපු ලස්සනම ලස්සන පාසල් කාලයක්....ඒ කාලේ කොච්චර ලස්සනද....කොච්චර සුන්දරද...

මම ඇතුළුම මගේ පහේ කණ්ඩායම ඒ කියන්නේ මා මිතුරියන්ගේ සමාගම......අපි පස්දෙනයි...මම සෂි මගේ හොඳම යාළුවා පියුමි චමු ඉස්සි මල්ලි..කොහෙ ගියත් අපි පස්දෙනා එකටමයි....සමහරු අපිට කතා කලේ පහේ කල්ලිය කියලා ඉස්කොලේ හයේ පන්තියේ ඉඳන් ඔලෙවල් කරනකම්ම අපි පස්දෙනා එකටමයි හිටයේ එත්
උපෙළ කරන්න ආවාට පස්සේ පස් දෙනා පන්ති පහකට වැටුනා....එවුනාට මිතුරු කමට නම් එක බාධාවක් වුනේ නැ...
අපි පස්දෙනාට ලොක පහක් තිබ්බාට අපි අපේ ලොකය සරස ගන්න හැමදේම කලේ එකට හරියට එක කුසින් ආප සහොදරියෝ වගේ මිතුරු කමකටත් එහා ගියපු බැඳිමක් අපි අතරේ තිබුනා
අපි හිනු වුනේ එකට ඇඩුවේ එකට
දුක සතුට බෙදාගත්තේ එකට....හැමදේම එකට
අදටත් ඒ මිතුරු කම තාමත් ඒ විදියටම තියෙනවා මොන දේට වුනත් අපි ඉන්නේ එකට අපි පස්දෙනාට අපි පස්දෙනා

 මේ අපේ ස්කොලේ වැඩ ඉන්න බො සමිඳු....
විසාඛා බෝ සමිදු ඉස්සර අපි මෙතනට ගිහන් අපෙ හිතේ තියන හැමදේම කියනවා මම නම් ෆරි පිරියඩ් එකක් ලැබුනොත් යන්නේම මෙතෙනට හිතට හරිම සැනසිල්ලයි මෙතන ඉන්නකොට....වෙලාව යනවා දැනේන්නේවත් නැ....








මතක් වෙනකොටත් ඒ කාලය ගැන හරිම දුකයි ...එත් සුන්ද මතක හුඟක් එක්ක ගෙවුනු ඒ කාලේ හරිම සුන්දරයි
සතුටුයි
ඇත්තමයි

ආපහු තව එක පාරක් හරි ඒ සුදු ගවුම අදින්න තියෙනවානම්
කොණ්ඩේ කරල් දෙකක් බැඳලා  නිල් පාට ටයි එකයි හවුස් බැජ් එකයි ඇඳගෙන ඉස්කොලේ යන්න තියෙනවානම්
අර ඉස්සොරම වගේ පන්තියෙ මුල්ලකට වෙලා ඉගෙන ගන්න තියෙනවානම්
ආයෙමත් ආපස්සට ගෙනියන්න බැරි ලස්සන හිනයක් එක
කවදාත්වත් අපිට ඒ හිනේට යන්න බැ
එත් ඒ හිනේ ජිවත් වෙන්න පුවවන්
මට මතක්වෙනවා එක සැරයක් අපිට ඔලෙවල් පන්තියෙදි විදයාව උගන්නපු මිස් කියුවා ඔය ළමයින් දැන් මේ දෙවල් තෙරෙන්නේ නැ එත් ඉස්කොලෙන් අයින් වෙලා කාලායක් ගියාට පස්සේ ඉස්ලෝ කාලමෙතක් වෙනකොට ඇස් වලට කඳළුත් උනයි කියලා
ඇත්තමයි

ඒ කතාව 100% ඇත්ත..අදටත් ඒ කාලේ මතක් වෙනකොට ඇස්වලට කඳුළු උනනා මටත් රහසින්ම

 _____________________________________________________________________________
මං ආසයි
සුදු රැලි ගවුම ඇඳන්
කොණ්ඩ කරල් දෙකක් බැඳලා
පොත් මිටියත් තුරුළු කරන්
ආපහු ස්කොලේ යන්න


මං මාරම ආසයි
අර හැමදාමත්
අපි එකතුවුන
පුංචි බංකුව උඩ ඉඳගෙන
පහේ කල්ලියේ අපි
කතා කරපු..හින මවපු
පුංචි පුංචි හින කතන්දර
ආපහු කියන්න...

මං තාමත් ආසයි
හැමදාමත් වගේ
උදෙන්ම ඇවිත්
විසාඛා බෝසමඳු ලඟට ගිහින්
මුළු ලොකෙම කැරකෙන මොහොතක
එකම එක තත්පරයක් හරි නවත්තලා
දොහොත් මුදුන් දි වැඳලා
හිතින් පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න

මං ඔය ඔක්කටම වඩා ආසයි

 ආපහු ඔය මතක් කරපු
අපේ ඒ පුංචිම පුංචි
හින පිරුන ඒ පාට පාට ලොකෙට
මොහොතකට හරි ගිහින්
ඇවිත් ඒ ලොකේ ලස්සන ආපහු විඳින්න
ඒ සුදු ගවුම ආපහු අඳින්
ඒ නිල් ටයි එක ආපහු දාන්න
ඒ පොත් මිටිය ආපහු තුරුළු කරගන්න...




Wednesday, November 7, 2012

ජිවය පුදමි සිත නොසැලි රට දැයට



ගිණ පුපුරණ හඩ ඇසෙනා දෙසවණට
මර බිය දැනේනවා ගැහෙනා පපුතුරට
තල්වැට මායිමෙන් වෙන්වෙන යුධ බිමට
මම ණය ගෙවනා ලක් මව් තුරුලේ සිට

බඳවට පුරා එතෙනා ගිණි බටය ලඟ
මම දුක කියනවා ගැහෙනා හදක් ලඟ
මව් පිය දෙනෙත් සිහිවෙනවා කඳුළු ලඟ
රුරා ගලනවා හැඟුමන් පැරුණු හිතක් ලඟ

හැඟුමන් බිඳි ගලනා රතු රුධිරයට
රුරා ගලන දහදිය බිදු සුවඳ ලඟ
මරණය අසල හිත සැසලෙන හදට
ජිවය පුදමි සිත නොසැලි රට දැයට

තල් වැට පුරා හඩගානා වෙඩි හඩට
විසිරි පොලොව සිඹිනා රන් රැධිරයට
හදවත කාඩා වැටෙනා සුළු විරාමෙට
නොදැනිම කඳුළු වැටුනා ලය පුරාවට

බංකරේ පුංචි කාමරයක තනිවිලා
තල් වැට ලඟම හැඟුමන් හිත පුදලා
ලක් මව රකින විරු පුතනුවක් වෙලා
සිතුවිලි පුදනවා හද තුරුලේ මියැදිලා

Monday, November 5, 2012

දිවිද ගෙවනෙමි දිවිය තුලදිම





අරුත නොකින ලොවත් ඇතුලෙන්
දිවිය දුටුවෙමි අසුරු සැනකින්
ඇවිද ආ මග දිවිය අතරින්
යදම් බින්දෙමි ලොවට රහසින්

හිතන් උහුලන දිවියෙ බර මම
මටත් වැඩි නැ යන්න තව දුර
සිතින් නොසැලි රැදි වුන් මට
දිවිය සරදම් කරයි රහසෙම

ඇවිද ආ මඟ සසර දිගු වුන
යන්න නොකිය වරු නැ මට
ඇවිද යන්නම් ගමන නිමවන
ලොවම එරෙහියි මහළු කම ලඟ

හිතින් නොසැලි හිදිමි මම තව
දිවියෙ ලද ගල් පරළු අභියස
තබා මම මගේ හිතම උගසට
දිවිය ගෙවනෙමි දිවිය අතරෙම

Friday, November 2, 2012

නිවනින් අවසන් වෙන ගමනේ

යානොහැකි මඟ තොටක
රැදි උන් පින් සිසිල මට
නොමැති නම් දිවි මඟට
ගෙවනු කෙලෙසද සසර මඟ

රැඳි ආ ගමන් මඟ තුල

සසර දුරු කතර දිග
ගෙවෙයි නම් මගේ දිවිය
බුදු සමිඳුගේ සෙවණ යට

රැඳුනු මෙත් සිසිල ලඟ

අතැති බෝ කොළය තුල
මැවුනු අනියත දම
පසක් විය බුදු සුවඳ යට

ගෙවු දුරු කතර මම

සසර දුක නිවෙන මඟ
තවත් නොපමාව යමි
බැමි ලිහෙන තුරු ගමන

______________________________.

Thursday, November 1, 2012

අරමුණක් නැති හෙටක්......

නමක් නැති කතාවක්
මුලක් නැති ඇරඹුමක්...
තිතක් නැති නිමාවක්
හෙටක් නැති අද දිනක්....

ඇරඹුමක් නැති අවසනක්
හිනයක් නැති ඇස් දෙකක්
පැතුම් නැති පෙම් හිතක්
හැඟුම් ගොළු වුන හදක්

තබන්නට අවසනක්
ලියන්නට හිතයි කවක්
ලැබෙයි නම් ඇරඹුක්
ගොතන්නම් පෙම් සිත්තමක්

පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි.....

නොවින්ද හැඟුමක් ...
නොලැබුන සෙනෙහසක්....
හිතන් හරි විඳින්න ආස කරන ආදරයක්...
පිය සෙනෙහස
 දුවනියකට පියෙක්ගේ ආදරය ආරක්ෂාව ඔනෙමයි..ඒ හයිය ඔනෙමයි....
පියෙක්ගේ සෙනෙහස ආදරය රැකවරණය නැතිව මවක් තුරුලේ විතරක් ජිවත් වෙන්න හැදෙන්න හරිම අමාරු මේ කාලේ ඒතරමටම මේ සමාජය හුඟක් නපුරු වෙලා.......
දුවලා පැනලා දඟ කරලා හිනාවෙන පුංචි කාලෙම පියෙක්ගේ ඡායාවක්වත් දැකලා නැතිව තනියම හැදෙන..... අහිංසක හිනයක් විතරක් කවාදා හරි තාත්තා මේ වගේ රුපයකින් ඉන්න ඇති කියලා හිතේ තියාගෙන ජිවත්වෙන...දුවණියක් ජිවිතේ සමහර අවස්ථාවන් වලදි තාත්තෙක් නැති කම නිසා කොච්චර අසරණ වෙනවා ඇත්ද...
හිත කොච්චර කඩා වැටෙන්නට ඇත්ත.........

________________________________________-

කඳුලින් නිම වුන සිතුවම් හිත කොන නවතා
අකුරින් ලියන්නේ කොහොමද හැඟුමන් කලතා
හිනෙන් පතන ඔය සෙනෙහස හද තුල රඳවා
දිවියෙන් සතුටු වන්නම් කඳුලින් අමුණා

අහිමිව ගියපු සෙනෙහස හද තුල සඟවා
හිනෙන් පවා හොයනවා තව හදවත නහවා
නොලැබෙන සෙනෙහෙ හද පතුලෙම රඳවා
කඳුලින් අකුරු කරනවා හිත ඇති රුවම මවා

දඟ කල බාලයම මගේ තනියම ගෙව්වා
පිය සෙනෙහසක සෙවනැලි ගිලිහි ඇතුවා
නොදැකුණු ඒ සෙනෙහෙ සිහිනෙන් දුටුවා
තාත්තේ මම නුඹ හැම රැයකදිම පැතුවා

නොදකින රුවට කෙලෙසද තව සිතුවම් මවන්නේ
නොඇසෙන හඩට කිම දෙසවන් යොමන්නේ
නොහැගෙන හිතට කොහොමද සිතුවිලි තබන්නේ
නොලැබෙන සෙනෙහෙ කොහොමද මම පතන්නේ

දිවියෙන් උරුම කඳුලැලි හද කොන තබලා
හිනෙන් අඳිනවා රුව මම තනිවම මවලා
පිය සෙනෙහසට කවි මුතුවැල් බැදලා
තනිවම අකුරු කරනවා නුඹෙ සෙනෙසහස යැදලා
__________________________________________.