Friday, October 26, 2012

පුංචි පුංචි හින මගේ

මම ආසයි....

මුවහත් පුංචි
බ්ලේඩ් තලයකින්
මගේ
අත කපාගෙන
අතින් ගලනා
රතුම රතු පාට
ලේ බිඳිති දිහා බලන්
ඒ ලේ බිඳිති වලින්
මට ඔය සුදු මුහුණ
බලන්න....
ඔය සුදු මුහුණ දකින...

මම ඊටත් වඩා අසයි

හයියෙන් ගැටහපු
කඹයක් වහලයෙන් ඇදලා
මගේ පුංචි බෙල්ල
එකෙන් හිර කරන්
දෙපැත්තට පැද්දිලා
ඔන්චිලි
පදින්න...

මම ඔය ඔක්කටම වඩා අසයි

රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න

මේ ඔක්කටම වඩා මම ආසයි

මහා රෑට
පාළු සොහොනක් ලඟට ගිහින්
අපේ ආදරය මරලා වළදාපු
ඒ සොහොන් කොත
ලඟට ගිහින්
මළ ගී වැල් කියන්න...
අපේ ආදරේ වෙනුවෙන්
මැරිච්ච හීන මවන්න...

අනේ මගේ මේ පුංචි
ආසාවල්
ඉෂ්ට වෙන්න
තව කොච්චරක් නම් කල් යයිද .....
______________________________________

25 comments:

  1. yakage ආසාවල් ne mewa
    (Kanchana Kodithuwakku)
    රසම රස
    වහ බෝතලයක් අරන්
    රස කර කර බිලා
    එ රසයෙන් තියෙන
    මිහිරි බව
    සති ගනන් වුනත්
    මතක් කරන්න
    mathak karanna jiwath wela enna apai

    ReplyDelete
    Replies
    1. එක තමයි එකේ තියන ලස්සන හැමොන්ටම දකින්ට බැ

      Delete
  2. මේ කෙල්ලටත් පිස්සු හැදෙන්න එනව වගේ....

    ReplyDelete
  3. හී.. මමත් මැරෙන්න ඉන්නේ.. හැබැයි එකපාර...
    මං හොයන්නේ රමණිය මරණයක්..
    හෙණ ගැහැවා වගේ මැරෙන්න.. විදවන්න බෑ

    ReplyDelete
    Replies
    1. මණිය මරණය වුණත් රමණිය නොවෙන එකවුනත් වෙන්නේ එකම විදියටනේ මල්ලි වෙනසකට තියෙන්නේ අපි එකිනෙකාට ලැබෙන විදියයි එත් මරණයත් හරි සුන්දරයි ලස්සනයි හැමොන්ටම එකේ තියන හැබැ රුපය දකින්න බැහැ

      Delete
  4. පිස්සු හැදෙන්න එනවාද

    ReplyDelete
  5. ඔන්න ටිකක් වෙනස් එකක් ලියලා..ඒක එල

    ReplyDelete
    Replies
    1. එකනේ හැමදාම එකම විදියට ඉන්න බැහැ වෙනසක් ඔනේ මේක මම බුකියේ දාපු පරණ කවියක් එත් මේකටත් දාන්න හිතුනා

      Delete
  6. තව ගොඩක් කල යන එක නෑ. ඔය ටික සේරම එක සැරේ ට්‍රයි කලානම් හරි

    ReplyDelete
    Replies
    1. එක තමයි මාත් මේ බලාන ඉන්නේ

      Delete
  7. ඔච්චරම මැරෙන්න දගලන මිනිස්සු ඉපදුනේ ඇයි කියලා හිතන්න ජීවිත කාලෙන් කොච්චර වෙලා වෙන්කලාද

    ReplyDelete
  8. ඔච්චරම මැරෙන්න දගලන මිනිස්සු ඉපදුනේ ඇයි කියලා හිතන්න ජීවිත කාලෙන් කොච්චර වෙලා වෙන්කලාද

    ReplyDelete
    Replies
    1. ජිවිතය මරණයත් එක්ක කරන ගණුදෙනුවක්

      Delete
  9. ඔන්න අද ලිවුව එක නම් මාරම ගති. ඇත්තටම නියමයි. ඔයා ලිවුව එවායෙන් මම කැමතිම එක මෙන්න මේ සිතුවිල්ල.

    ReplyDelete
  10. ඔහොම දේවල් නම් හිතන්නවත් පව්.ආදරෙන් පැරදීම කියන්නෙ ජීවිතෙන් පැරදීම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මේක සිතුවිල්ක්

      Delete
  11. හින තමයි කවදා හරි සැබැ වෙන්නෙත් ඒත් මෙ හිනෙ නම් සැබැ නොවෙන තරමට හොදයි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ි මේ හිනෙත් හරිම ලස්සනක් තියනවා

      Delete
  12. කවිය ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  13. හුස්ම පොද හදවතින්..
    පිටවන්න මොහොතකට..
    පෙර ඇවිත් එක වරක්..
    හිනැහෙන්න නුඹ එයිද....

    ReplyDelete
  14. හරි අරුම පුදුම ආසාවක්නේ.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?