Wednesday, October 10, 2012

මගේම මිතුරියගේ වෙලා නුඹ

මටත් හිමි නැති
පෙමක් ඇත තව
හද කොනක දැන්
සැඟවිලා

නිමක් නොපෙනෙන
අරුම සෙනෙහස
ඇත මසිත තුල
තෙරපිලා
ලෙවට නොපෙනෙන
අසම්මත පෙම
ඇත කොනක හද
රැදවිලා

මටද හිමි නැති

නුඹත් හිමි නැති
පෙමක් හද තුල
ගුලිවෙලා

අහිම සඳ නුඹ

හිතින් පෙම් කර
හිදිමි මම මෙහි
නැවතිලා

අරුත නොපෙනුන

නුඹයි මගේ පෙම
එත් නුඹේ හිත
අන්සතු වෙලා......

මගෙම මිතුරියගේ වෙලා.....

1 comment:

  1. මෙලෝ රහක් නැ :D - හොල්මන

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?