Friday, October 19, 2012

කවිය වද දෙයි මට හැමදිනා

විරහවත් හරිම ලස්සනයි
එකෙත් මහා අමුතුම ලස්සනක් තියෙන්නේ.....
හැමොන්ටම විරහවේ ලස්සන දකින්න බැහැ
හැමොන්ටම විරහවේ ලස්සන විදින්න බැහැ
එකටත් ලස්ස හිතක් තියෙන්න ඔනේ
මේ හැමදෙයක්ම බැඳිලා තියෙන්නේ අපේ ජිවිත වල අපි පවත්වාගෙන යන සම්බන්ඳතා එක්ක
අපේ ජිවිත වලට මිනිස්සු යනවා එනවා....සමහරු සදාකාලිකවම නවතින්න බලාගෙන එනවා
සමහරු තාවකාලිකව නවතින්න බලාගෙන එනවා
අහම්බෙන් හරි අපේ ජිවිත වලට එන හුඟක් අය හිතේ ගැඹුරුම තැනක නව
තිනවා.....කවදාක්වත් අමතක නොවෙන විදියටම....එත්
අදුරන්නැති දෙන්නෙක් විදියට හම්බ වෙලා
හොඳට අදුරන දෙන්නෙක් විදියට ඉදලා....හඳුනගෙන වෙන්වෙන්නේ
හරියට අදුරන්නේම නැති දෙන්නේක් වගේ....හම්..... එකනේ තියන දුක....
එත් අහම්බෙන් අපේ ජිවිත වලට එන අය යන්නේ අපිට අමතක කරන්න බැරි තරම් මතක හුඟක් ඉතුරු කරලා..ඒ මතක හරි සුන්දරයි.....එවා මතක් කරලා ජිවිතේ සතුටින් දකින්න පුළුවන් නම් අපි දිනුම්.....

 
_____________________________________
හිතට වද දෙන අකිකරු කවි
හිත ඇතුලේ තව ලියැවිලා
ඔහේ විසිකර දමා ගිය නුඹේ
මතකයක් ලඟ නැවතිලා

යන්න හදනා නුඹේ හිත ලඟ
මාත් තනිවම දොඩමළු වෙලා
යන්න දෙන්නට හිතක් නැහැ තව
නුඹේ හිත ගැන ලොබ වෙලා
ඔහේ පාවි අකිකරු වුන
මගේ කවි මාවම දවා
නුඹට යන්නැයි කියයි කවිහිත
මගෙන් සමුගෙන වෙන්විලා

ලියා නැලවෙන දහක් සිතුවිලි
හිතට වද දි නැවතිලා
අකිකරු වුන මගේ හිත අද
නුඹට පුදදෙමි සතුටිනා

කවිය වද දෙයි මට හැමදිනා

11 comments:

  1. විරහව විදින්න හැම හදවතටම අමරැයි. :) ඒත් විරහව සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන්ම් එක හැමොන්ටම විඳින්න බැහැ

      Delete
  2. විරහව ආදරෙ ලැබුනු හැම හදවතකටම දැනෙන එ හින්දම අදරෙ අගය වැඩි වෙන අපුරුවතම චිත්‍රයක්...

    ReplyDelete
  3. විරහව අඩරෙ කරන හැම හදවතකටම දැනෙන විදින එ හින්දම අද්‍රෙ අගය තවත් වැඩි වෙන අපුරුවතම වස්තුවක්

    ReplyDelete
  4. හිතට වද දෙන අකිකරු කවි
    හිත ඇතුලේ තව ලියැවිලා
    ඔහේ විසිකර දමා ගිය නුඹේ
    මතකයක් ලඟ නැවතිලා
    හොඳ උත්සහයක්..මාත් විරහව රස විඳිනවා :)

    ReplyDelete
  5. විරහව ගැන දැන් කතා කරන්න අකමැතියි..

    ReplyDelete
    Replies
    1. මමත් අකමැති ඒත් විරහවේ ලස්සන බලන්න හරිම කැමති

      Delete
  6. '.එත්
    අදුරන්නැති දෙන්නෙක් විදියට හම්බ වෙලා
    හොඳට අදුරන දෙන්නෙක් විදියට ඉදලා....හඳුනගෙන වෙන්වෙන්නේ
    හරියට අදුරන්නේම නැති දෙන්නේක් වගේ....හම්..... '

    මේ ටික වැදුනා ඔක්කොටම වඩා..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?