Wednesday, October 17, 2012

කළුවර හිනය

මගේ බ්ලොග් එක හැඩ වුනේ ඔයාගේ මේ ලස්සන පින්තුර නිසා...
මගේ කළුවර හිනය හරියටම දැක්කේ ඔයා...මේ පින්තුරය මගේ බ්ලොග් පිටුව ලස්සන කලා....කළුවර හිනයට ගැලපෙනම පින්තුරයක් මේක....ඔයාගේ ඇහින් දැක්ක මගේ කළුවර හිකයට මම ආදරෙයි...ඒත් මට කළුවර හිනය ලස්සන කරන්න උදව් කරලා ඔයා කොහොදේ ඇතකට ගිහින්.....මම දකින මගේ කළුවර හිනයේ ලස්සන බලන්න අද ඔයා මගේ ලඟ නැහැ
මට තියන දුකත් එකමයි...

ජිවිතයේ සුව දැනේන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ.....

වැටෙන කඳුලින් ගෙනෙයිනම් සුව
හද ගැහෙන ඒ රාවයේ නද
නුඹ දුටුව මගේ හිනයේ තුල
මං නොසිටියේ ඇයිද කියන් මට

කළුවරයි මගේ හිනයත් තව
නුඹයි හිනේට දුන්නේ ලස්සන
නොඑයිනම් තව නුඹ මසිත් අහසට
හින පෙනුනේ කොහොමදෝ මට

පෙනෙනෙ නොපෙනෙන හිත ඇතුලේ මම
හින දකිනව රෑයමේ කළුවර
ආදරෙයි මම ඒ නොදුටු හිනේට
මගේ නොවුනත් කළුවරයි තව මට

12 comments:

  1. කවි ටික ඇත්තටම ගොඩක් ලස්සනයි :)

    ReplyDelete
  2. කවි ටිකනම් ලස්සනයි, ඒ වගේ ජීවිතෙත් ලස්සන කරගත්තොත් තමයි හොඳ කළුවරේ ඉන්නවට වඩා....

    ReplyDelete
    Replies
    1. අනිවාරයයයෙන් මල්ලි හුඟක් ස්තුතියි කවිය මාව දැක්කට

      Delete
  3. නියම කවි ටිකක්...ලස්සනයි!!

    ReplyDelete
  4. අනිවාරෙන්ම ඔබේ වදන් දිනක මගේ හඬින් ගීයක් වේවි.. අපූරුයි~ජය~

    ReplyDelete
    Replies
    1. මමත් ඒ දවස එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ
      හුඟක් ස්තුතියි කවියට හඩක් දෙනවට

      Delete
  5. කවි ඇතුලෙ කියගන්න් බැරි තරම් දුකක් හැන්ගිලා තියනවා කියලා මට හිතෙන්නෙ ඇයි ද මන්දා....

    ReplyDelete
    Replies
    1. ලියැවෙන අකුරක් අකුරක් ගානේ මම විඳවනවා මල්ලි

      Delete
  6. දැනුනා මේක නම්... :(
    වැටෙන කඳුලට වැටෙන්න දෙන්න....ඒ එක්කම ඔය දුකටත් හිතෙන් යන්න දෙන්න අක්කණ්ඩියේ...හැමදේම වෙන්නේ හොඳට... ඔයා හිතනවනම් එළිය විතරක් සැපතක් කියලා ඒක වැරදියි හැම දේකම දෙපැත්තම ඒ කියන්නේ එළිය වගේම අඳුරත් ජීවිතයට ඕනේ,..මතක තියාගන්න දැන් කළුවර වෙන්න පුලුවන් ඒත් ඒක හැමදාටම නෙවේ රාත්‍රිය ගෙවෙනකම් විතරයි....ඉතින් දැන් ඉස්සරහට තියෙන්නේ එළිය වැටෙන කාලය...ඒනිසා හදිස්සි නොවී දුක් නොවී ඉමු.... (Y)

    ReplyDelete
    Replies
    1. මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?