Tuesday, October 2, 2012

සෙනෙහසින් මගේම ආදරයට





හීන ...බලාපොරොත්තු ....ජිවිතේට ඔනේම කරන දෙයක්....ආදරයක් වෙනුවෙන් හිනයක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්න ඔනේ.....අනිවාරයෙන්ම...කාලයක් තිස්තිස්සේ හිතේ මවාගෙන හිටපු තමන් ප්‍රාර්ථනා කරපු විදියෙම ආදරයක් තමන්ගේ ජිවිතේට ලැබෙන්නේ හරිම කලාතුරකින්..මොකද අපි හිතන පතන දේවල් 100%ක් අපිට ලැබෙන්නේ නැහැ...ඉටත් වඩා තමන්ගේ හොඳම යාළුවා වාගෙම තමන්ව තෙරුම් ගන්න කෙනක්...හැමදේම බෙදාගන්න පුළුවන් විදියේ කෙනක්... .

තාත්තා වආරාක්ෂා කරන කෙනෙක් සොදරයෙක් වආදරය කරන කෙනෙක් යාළුවෙක් වතෙරුම් ගන්න පුවවන් කෙනෙක්.. ොටින්ම කියුොත් තමන්ේ රජ කරන හීන කුමාරයා...තමන්පෙම්වතා වෙනවා කියන්ොයිතරම් වසනාවන්තද
 ඒ මොක වුනත් මම නම් හරිම වාසනාවන්තයි...මොකද මම හිතපු මම දැකපු සහා මම බලාපොරොත්තු වුන විදියේ චරිතයක්....බලාපොරොත්තු වුන විදියේ ආදරයක්...මට ලැබුනා......

ඒ ආදරේට මං ආදරෙයි හුඟක්.....පණ වගේ..... .






දිවිය තියෙන තුරු මගේ නුඹයි ආදරේ...




සෙනෙහසින් මගේම ආදරයට......  ♥


හෙමි හෙමින් ලඟට විත්
රහසකුත් කොඳුරනා
හිතමගේ හැම විටම
නුඹේ රුවම විමසුවා
ලඟ ඉඳන් නෙතු තුලින්
නුඹේ රුවම මතුවෙනවා
ආදරේ හැඟුම් පොදි
නුඹේ නමට ලියවුනා
 

ආදරේ ඉහිරුනා......


සිහිනයෙන් නුඹ ඇවිත්
ඉඟිපාන හිතපුරා
ජිවිතේ රන් මැදුරු
තව තවත් ඉඳිවුනා
හිතපුරා පෙම් පිරුව
ආදරේ නුඹ නිසා
කප්පරක් සෙනෙහසින්
මේ මොහොත නුඹේ වුනා
 

ආදරේ තව වැඩි වුනා....


හිත පුරා සෙනෙහසින්
ලඟ හිදන් නැලවෙනවා
ජිවිතේ සෙත් පිරිත
නුඹේ නමට කියැවුනා
උපදිනා හැමභවම
සංසාර පොත පුරා
මතු මතුත් මගේ හිතේ
රන් හින නුඹේ නමට ඉපැදුනා


ජිවිතේ සුව වැඩි වුණා.......











20 comments:

  1. ඒ ආදරේට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න .ජය!!

    ReplyDelete
  3. ඔයාගේ ආදරේ ඔයාට ජීවිතේ පුරාවටම ලැබේවි අයියගෙන්! ඒක ආරක්ෂා කර ගන්න,,, ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මල්ලි ඒ ආදරය මගේ විතරයි හුඟක් පරිස්සම් කරගන්නවා මම ඒක හැමදාම මගේ පණ වගේ

      Delete
  4. ජය වේවා ! එච්චරයි කියන්න පුළුවන්
    ආ.. කවි ටික නියමයි ඈ

    ReplyDelete
  5. හ්ම්ම්ම් ජිවිතෙ වසන්තයක්ම උදා වෙවා****

    ReplyDelete
  6. ආදරයට සුභ පැතුම්... :))

    ReplyDelete
  7. අලුත් වෙනසක් ......ජයම වේවා ඉතින් ඔබට යාලු..
    පෝස්ට් එඩිට් කරනකොට ඔය වටේ හයිලයිට් වන වරද මගහරවා ගන්න.
    සුභ පැතුම් හ්ම්ම්.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු...ඔව් එක හදනන්න ගිහින් මොක්කද වුනා පරණ තත්ත්වයට හදා ගන්න දන්නේ නැහැ

      Delete
  8. ඔයාගේ වුනු ආදරයට මගේ උණුසුම් සුභ පැතුම්.. ඒ ආදරය ජාති ජාතිත් ඔබේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා..
    නිර්මාණයත් බොහොම ලස්සනයි. ආදරණීයයි..

    ReplyDelete
  9. සුභ පැතුම් අක්කි
    කවිය ලස්සනයි....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?