Friday, September 7, 2012

ඇයිද නොදනිමි හැරිලා බැලුනේ නුඹේ දෙස මම

ජිවිතේ හුඟක් ලඟින් ඉඳලා...හුඟක් දුරට හැමදේම තෙරුම් ගත්ත කෙනෙක්...ජිවිතේ හැමදේම බෙදාගත්ත කෙනෙක් ඒක පාරටම නැති වුනාම...එකපාරටම අඩු වුනාම ඒ හිස්තැන මකන්න හරිම අමාරුයි...ඒ අඩුව පුරවන්න ඒ වෙනුවට දහ දෙනෙක් ආවත් හරිම අමාරුයි....කොච්චර උත්සහ කලත් කොච්චර වෙර දැම්මත් ඇත්තටම ඒ සෙනෙහස ඒ ලෙංගතුකම නැති කරන්න හරිම අමාරුයි...කොච්චර කොහොම කියුවත් දවසකට එක පාරක් හරි ඒ සෙනෙහෙස එ ආදරය මතක් වෙන්වා අපි සමහර අවස්ථාවලදි අසරණවුනාම ඒ සෙනෙහස ලෙංගතුකම බලාපොරොත්තු වෙනවා....ආගියපු තැනි වලින් යනකොට පුරුදු මතකයන් හිත රිදවනවා වගෙම හරියට නුහුරු ලෙස වගේ ඒ සෙනෙහස ආපහු හොයනවා
යාළු මදහස 
මාගේ හිත ලඟ 
ආල කතන්ද
කිව හැටි මට 

තාම මතකයි 
මාගේ නෙතුලඟ
රැඳුනු හැටි
නුඹ


 ඇයිද නොදනිමි 
නොහැඟුනේ මට 
මාගේ හිත නුඹ
 කියුව හැටි තව
    
ආලේ පිරෙනා 
කෝල සුදු වත 
මාගේ හිත ලඟ 
හිටිය අරුමය  

තාම රැව්දෙයි
හිටිය හැටි ලඟ 
තුරුලේ වෙලෙමින්
මගේ ලඟ නුඹ


 දැත පටලන් 
පාර පුරාවට
 ඇවිද ගිය ඒ
සොදුරු සවසම


 තාම මතකයි 
ගෙවුනු මොහාතක 
රැදුනු සෙනෙහෙස
හිත පුරාවට  

තනිව මම අද 
ඇවිද යන්නෙමි 
අපි ඇවිද ගිය පුරුදු
පාරේම
 ඇයිද නොදනිමි
 හැරිලා බැලුනේ
 තනිව යන විට මං
පුරුදු ඒ මඟ දෙස  

හදවත දහස් වාරයක් කොදුරන දෙයට වඩා බුද්ධිය එක වාරයක් කොදුරන දෙය වටිනවා
මම දන්නවා
සහ මම එය පිළිගන්නවා
මට නුඹ හිමි නැහැ නුඹේ සෙනෙහස හිමිනැහැ
නමුත් හද පුරා හරිම සතුටින් කියන්න පුළුවන් මම නුඹේ ආදරය වින්දා
මට ඒ ඇති  
'මුළු ජිවිත කාලය පුරාවට හිතින් සතුටු වෙන්න මට ඒ මතකය ඇති'
 සඳ නේන දා
පළු අහසම
ඉකිගසයි
මුළු රෑම
තනියම.....
නුඹ නේන දා
මගේ හිතත්
හොඳටම
සුසුම්ලයි
තනිකමද
තුරුලුව...
___________________________________සෂි
      

11 comments:

  1. ජීවිතේ එහෙම තමයි සහෝ.....
    ''ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නෑ...
    සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ...

    ReplyDelete
  2. හුම් හුම්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. මුළු පරිසරයම මල් වලින් බර වෙලා ඒ සතුටටම කුරුල්ලෝ රංචු පිටින් ගී කියනවා
    අහස ගැබම නෙක නෙක රටා මවනවා වසන්තය උදා වුනු හින්දා කියලා ගස් වැල්
    සුළගේ තාලෙට මුණු මුණු හඩින් මුමුණනවා .......
    මිට කලින් ඔව් ඒ අපි හමුවුණු දවස් වල අපි ඇවිදන් ගිය තණකොළ ඇතිරුණු
    මිටියාවත තවමත් එහෙමමයි කාලයේ එත් වෙනසකට තියෙන්නේ අද අපි දෙන්නා
    වෙනුවෙන් මම තනියම තනිකම මකනවා. ඒ මිටියාවතට දැනුනද කියලා හිතන්න මං උස්සහ කලේ නැ.........
    ඇත කොනක බැංකුවක ........... අපි දවසක් හිටපු තැනම වසන්තයට සුවදට මත් වෙලා හිටපු
    හදවත් වල රාවය මට දැනුන ඔව් මම හිතින් ගොඩක් දුර ගියා ඔව් ඒ අතීතයටම
    රාගය එක්ක බැදුණු ඒ හදවත් වලට මේ හදගැස්ම දැනෙන්න තරම් වටිනාකමක් තිබුන් නැ ..
    එදා ඇහුනු ඒ සිනා හඩවල් තාමත් ඇහෙනවා වෙනදා වගේම එත් වෙනසකට තිබුනේ
    ඒ ඔයාගෙයි මගේ හඩවල් නොවීම පමණයි .... කාලය කොච්චර දේවල් වෙනස් කරනවද ?
    තව ටික දවසකින් මේ මල් ගොමු පරවෙලා වසන්තයත් නිම වේවි එත් අහසේ වලාකුළු හැමදාමත් පවතිනන්නක්
    මෙන් පුංචි කැදලි අහස් මාලිගා තනන සමනල සමනලියන් නම් මිටියාවතේ මල් ගොමු වල පාලු මකාවී
    එදා වගේම වසන්තය නිමා වූ දවස් වල කාලයෙන් යටපත් වුනු ඒ අතීතයේ දවසක් වගේම ....
    වෙනදා වගේ රෝබෝරෝසිය මල් වල සුවද මගේ සිතුවිලි අතර ඔබ මොබ ගියේ නැ .
    උනුන් පරයා කැ ගසන සියොත් නාදයේ තාලය මට අද දැනෙන නැ එත් දවසක මේ මිටියාවතේ
    මේ පාරේම ඔව් යලිත් උදා වෙන වසන්තයක තනිකමින් පුරුණු හදවතත් එක්ක එන්න හිතන්නෙවත් නැ කියලා
    මේ අහස්‌ තලය පුරාවටම තියන වලාකුළු දිහා බලන් මං පාර්ථනා කලා... එත් දවසක අයෙම මේ පාරේම
    මගේ පුංචි කුමරියත් එන බලාපොරොත්තුවෙන් මම මේ වසන්තයට මම සමු දුන්නා........ එත් අර නැගුනු හදවත් වල
    රාවය තවමත් මුණු මුණු ගානවා ......................................................

    ***සචි ***

    ReplyDelete
    Replies
    1. මතකය හුඟක් දඟ කරනවා හිතට වද දෙනවා
      ඒත් එයා එයාගේ නැවතුන තැන
      මම මගේ නැවතුන තැන
      හැමදාමත් පුරුදු විදියට ඉර පායනවා පුරුදු විදියට ඉර බැහැලත් යනවා
      හැමදාම වෙච්ච දේවල් කිසිම අඩුවක් නැතිව වෙනවා
      නමුත්
      අපි දෙන්න විතරක් නැවතුන තැන නැවතුන විදියට ඉන්නවා
      එකතමයි තියන එකම වෙනස
      අපි නැවතිලා අපි ඇරෙන්න හැමදේම ගලාගෙන යනවා

      Delete
    2. හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර උනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත්, කවදාටත් මම විතරයි! මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනව, කනව, බොනව, වැඩට යනව, කතාබහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ!
      This is the truth dear! Face to it....

      Delete
    3. ම්ම්ම් කලාය ගතවෙනවා හැමදේම වෙනස්වෙනවා නොවෙනස්ව ඉන්නවා කියපු එයත් වෙනස්වෙනවා...මම විතරක් එකම තැන ඉන්නවා

      Delete
  4. මේකයි අපි කොච්චර කිව්වත් බුද්ධියට ඉඩ දෙන සීමාවක් තියෙනවා... එතනින් එහාට අපි හදවතට වහල් වෙනවා.
    හොඳ දෙයක් වෙන්න කියල පතනවා...

    ReplyDelete
    Replies
    1. ම්ම් හදවතට වහල් නොවි බුද්දියෙන් වැඩකරන්න ඔනේ එක තමයි කරන්න තියන හොඳමදේ

      Delete
  5. තනිව මම අද
    ඇවිද යන්නෙමි
    අපි ඇවිද ගිය පුරුදු
    පාරේම
    ඇයිද නොදනිමි
    හැරිලා බැලුනේ
    තනිව යන විට මං
    පුරුදු ඒ මඟ දෙස



    හිතට වදින කවිය....ඇත්තටම ඇයි එහෙම බැලෙන්නේ....

    ReplyDelete
  6. පුරුදු සුවඳක් හැමතිස්සේම හොයනවා එකයි ඒ

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?