Thursday, September 27, 2012

මමයි නුඹේ අම්මා

දරු සෙනෙහසක් හිස මුදුනෙම හිනැහෙනවා
කිරි රන් සිනා හිත ඇතුලෙන් මතුවෙනවා
දරු කැක්කුමත් හද පතුලේ හැන්ගෙනවා
අඟ හිඟ කමට මව් පදවිය දන්දෙනවා

දස මස කුස දරන් කිරි කැටි පුතු බිහි වෙන්නා

රන් කිරි සිනා හඩ මගෙ සවනට නොම වැටුනා
ලේ කිරි කෙරූ රන් දෙතනම අද වියලෙන්නා
දරු සෙනෙහසට මිල මුදලින් ලියලා දුන්නා

ඇකයේ නොදැරුවත් සිත නුඹ තව විමසනවා

ලේ කිරි වියලුනත් දෙතනම මගෙ හිරවෙනවා
තුරුලේ නොසිටියත් හිත තව නුඹ නලවනවා
පුතු පිට වුනත් දරු සෙනෙහස තව දළුලනවා

කුසයේ බර නොවෙයි පුතුනේ මට පෙර දැනුනේ

දිවියේ බරයි හිස මුදුනෙන් තව හිනැහෙන්නේ
නුඹ අන් සතු වුනත් මම තවමත් විදවන්නේ
සමාවෙයන් පුතුනේ මම අම්මයි වෙන්නේ

7 comments:

  1. හ්ම්ම්ම්ම් ඇත්තටමත් එහෙම අම්මා කෙනෙක්ගෙ සිතුවිල්ලත් මෙ වගෙම වෙන්න ඇති... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අම්මාකෙනෙක්ගේ සිතුවිලි හරිම සුන්දරයි මල්ලි අපි හිතනවටත් වඩා හරිම සුන්දරයි ඒත් සමහර වෙලාවල්ට අම්මලා තිරණ ගන්නේ හුඟක් දුර බලලා හිතට එකඟ නොවුනත් අකමැත්තෙන් වුනත් හදවත මරලා අම්මාලා හුඟක් තිරණ ගන්නවා

      Delete
  2. නියමයි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. hmmmmm ලස්සනයි!

    ReplyDelete
  4. 'නුඹ අන් සතු වුනත් මම තවමත් විදවන්නේ
    සමාවෙයන් පුතුනේ මම අම්මයි වෙන්නේ' ...................... හනේ දෙවියනේ.....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?