Monday, September 24, 2012

වැලිමළුවේදි.....

හිතේ තියන හුඟක් දේවල් අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහින් කියනවා.....බුදු සමිදුගේ සෙවණේ ඉන්න එක මොහොතක් හරි හිතට  පුදුම සැනසුමක් තියෙන්නේ....වැලිමළුවේ වාඩි වෙලා සිලි සිලි හඩින් හෙලවෙන බෝ පත් වල නැලවෙන ලස්සන තාලයට ඇහුම්කන්දෙන්න පුළුවන් නම්....හිතේ මොන ප්‍රශ්නය තිබ්බත් ඒ හැමදේම අමතක කරලා දාන්න පුළුවන්....ඒ තරම් සැනසුමක් තවත් නැහැ......

බුදු සමිඳු ඉස්සරහින් පුංචි සුදු මල් ටිකක් පුජා කරලා....හිත නිවෙන්න ඒ පින් රුව දිහා බලන්න පුළුවන් නම් එක මොහොතක් හරි කෝච්චර ලැතැවුල් කෝච්චර දුක් හිතේ තිබ්බත් ඒ හැමදේම බුදු සිසිලෙන් නහවන්න පුළුවන්.......
පන්සල් මළුවේ දි අපේ හිතට දැනේන සැනසුම සිසිලස වචන වලින් කියන්න බැහැ......කියලා ඉවර කරන්නත් බැහැ......
ගිය සතියේ එක දවසක මමත් ගියා කැළණිය පන්සලට.....බුදුන් වැඳලා..පහන් පත්තු කරලා බෝඳිය නාවලා...හුඟ වෙලාවක් වැලි මළුවට වෙලා තාලෙට නැලවෙන බෝ පත් වල සද්දේ අහගෙන හිටියා එතකෝට වේලාව හවස 6ත් පහු වෙලා ඇති.....හරිම සැනසුමයි...දැල්වෙන පහන් සිලෙන් එන ආලෝකය.....
පත්තුවෙන හඳුන් කුරු වලින් එන සුවඳ දැනේනකෝට හිතට එන හැඟිම වචන වලින් කියන්න අමාරුයි....



බුදු හාමුදුරුවන්ගෙන් මටත් ඉල්ලන්න හුඟක් දේවල් තිබ්බා...හුඟක් දේවල්..මගේ හිත ඇතුලේ තෙරපිලා තිබ්බ හුඟක් දේවල්..ඒත් මම දන්නවා ඒ බුදු හාමුදුරුවන්ගෙන් දෙයක් ඉලන්න ඒ වෙලාව නෙමෙයි...මොකද මම වගේම තව කිදෙනක් ඔය වැලිමළුවට වෙලා බුදුහාමුදුරවන්ට තමන්ගේ හිතේ තියන දේ කියනවා ඇතිද....පිහිට පතනවා ඇතිද......





සිලි සිලි හඩින් සෙලෙවෙන බෝපත් සෙවනේ
ලොව්තුරු සරණ පැතුවා මම හිමිගේ අරණේ
දැල්වෙන පහන් සිලකින් ගෙන දෙන එළියේ
සඳහම් සුවඳ දැනුනා මට මෙත් ගගුලේ

දැල්වෙන පහන් සිසිලක සුව අතරේ
පැගෙන සිහිල් වැලිකැටයක් අතරේ
පුදුදෙන සුදු පින්න මල්ගොමු අතරේ
හිමිගුණ සෙව්වා සැමදා මම නිරන්තරේ


බෝපත් සෙවණ ගෙනදෙයි මට අමා සුව
මේ වැලි මළුව සුව ගෙනදෙයි නිරන්තර
බැඳි බැමි ලිහෙන සසරේ මඟ දුරු කතර
නවතාලිය හැකිද සමිඳුනි මට අතරමඟ



 
.
.
.
.
.
_______________________________සෂි-.

10 comments:

  1. Replies
    1. පෞද්ගලිකවම මම දෙවියන් විශ්වාස කරන්නේ නැ

      Delete
  2. මගේ හිතටත් මාර නිදහසක් සහනයක් එන තැනක් තමයි එක්කෝ ගෙදර මගේ කාමරේ ඇඳ නැති නම් අපේ පන්සලේ බෝ මළුව..
    එතැනදී ලැබෙන සහනය නම් කියලා වැඩක් නෑ .

    ReplyDelete
  3. කවි පන්තිය නම් හිතට දෙනුනා අපුරුයි....

    ReplyDelete
  4. ලස්සනයි අක්කණ්ඩියේ...

    ReplyDelete
  5. ඔයා කියන එක හරි යාලු,,
    මටත් වෙලාවකට ඔහොම හිතෙනවා..
    ඉස්සර පාඩම් කරන්නත් පන්සල් ගිය වෙලාවල් තිබුනා..
    ඒත් ඒ වෙලාවට පාඩමට වඩා ගොඩක් කලේ හිත නිවාගත්ත එක..

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු ඒ සැතුවිල්ල වචන කරන්න බැහැ මාත් අනන්තවත් හිතේ සැනසුමක් ඔනේ වුන වෙලාවකට පනස්ලට ගිහින් ඉන්නවා

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?