Wednesday, September 19, 2012

නොකියපු පෙමක් ඇත හද කොනක

මම දන්නවා....ඒත් නොදන්නවා වගේ ඉන්නවා....
මට තෙරෙනවා...ඒත් නොතෙරනවා වගේ ඉන්නවා...
හදවගේ සියුම් තැනකිනුත් එහාට.....හදවතේ ගැඹුරුම තැනිනුත් කොනට....තැන්පත් වෙච්ච අහිංසක හැඟිමක්....කියන්න තෙරෙනැහැ...වචන ගලපනන්න තෙරෙන්නැහැ....
ඒත් හිත ඇලුලේ හිර කරන් ඉන්නවා..මටත් නෙතෙරෙන විදියට...කවද හරි දවසක් එළියට දානවා.....ඒත් ඒ හැඟිම වචන වලට පෙරළන්න ගියාම හරිම අමාරුයි......පටන් ගන්න තැනක් අවසාන වෙන තැනක් තාම හිතාගන්න බැහැ
ලියන්න පටන් ගන්න ඔනේ කොහොන්ද...ලියලා ඉවර කරන්න ඔනේ කොතනින්ද...ලියන්න ඔනේ මොනාද‍
හිත තුල හිරවෙලා හිතට වද දෙන හුඟක් හැඟිම්....තාම වද දෙනවා.
ඒත්
ඒ අහිංසක හැඟිමට මට සාධාරණයක් කරන්න පුළුවන්ද...


හිත හිරිවට්ටන
නුඹේ ඔය පෙම
සැඟවිලා දැන්
මටත් රහසෙම
නොතෙරෙන ලෙස
හදේ කොනකම...
කියන්නට වදන් නැති
ගොතන්නට හැගුම් නැති
නොතෙරෙන ලොකයේ
නාන්නාදුරන
පෙම්වතුම් අපි
නුඹ නු‍ඹේමයි
මම මගේමයි
අපි
අපේ වේවිද
මේ බැඳිම් ලඟ
අපි නතර වේවිද
හදපුරා සෙනෙහෙන්
නුඹ මගේ වේවිද.....

_________________________________________සෂි_.







12 comments:

  1. නියමයි ආලෝ නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ හුඟක් ස්තුතියි

      Delete
  2. වැඩක් නෑ..

    වැඩක් නෑ කිව්වේ ඔයාගේ නිර්මාණයට එහෙම නෙමෙයි.ඒක සුපිරියි.ජය !

    ReplyDelete
  3. මාර ලස්සනයි..මම ගොඩක් සැරයක් කියෙවුව ...මාර ලස්සනයි .....

    ReplyDelete
  4. හුඟක් ස්තුතියි හුඟක් සැරයක් කියෙව්වා කියන්නේ මම සාරථකයි

    ReplyDelete
  5. හරිම ලස්සනයි යාලු :)

    ReplyDelete
  6. ලස්සනයි...ඇත්තම හැඟීම් වචන කරලා වගේ... සුපිරියි මේක (‍Y)

    ReplyDelete
  7. හද කිතිකවන,
    සිප සනසවන
    නො කියූ පෙමකි
    සිරවී තැවෙන

    _සෞම්‍ය

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?