Monday, September 10, 2012

මේ මමද

                        මම මගේ ජිවිතේ පටන් ගත්තේ සිනහ හුඟක් පුරවගෙන නම් නෙමයි....හින හුඟක් පුරවගෙන නම් නෙමයි...
ඒත් හිනයක් නොතිබුනමත් නොවෙයි...මගේ හිතෙත් පුංචි පුංචි හින තිබ්බා..පුංචි පුංචි බලාපොරොත්තු තිබ්බා
ඒ පුංචි හින ඒ පුංචි බලාපොරොත්තු මාව හුඟක් දුරට ජිවත් කලා..මාව හුඟාක් ධෛරයයමත් කලා...
අපි හුමොම උපන් ගමන් ඇවිදින්නේ නැහැ...බිම දන ගහලා වැටි වැටි තමයි හැමදෙයක්ම පටන් ගන්නේ ඒත් වැටෙන්න වැටෙන්න නැගිටින්න ඔනේ...ටිකෙන් ටික මමත් මගේ ජිවිතේ ඉස්සරහට ඇව්දින්න පටන් ගන්නකොට වැටුන වාර අන්නතයි...වැටිලා තුවාල වුන තැන් වලින් ලේ එන කොට ඒ තුවාල පාරවල් රිදුම් දෙනකොට මට මාව තවත් ඉස්සරහට යන්න හයියක් වුනා

ඔව් මම අද හිනාවෙනවා
ඒ වෙන මුකුත් නිසාවත් නෙමයි
හිනාවකින් ජිවිතේ පටන් නොගත්තත් අද මට හද පුරවලා හිනාවෙන්න පුළුවන් වෙන මුකුත් නිසා නෙමෙයි
මම වැටුන වෙලාවේ මගේ හිත මගේ ලඟ මගේ හයියට හිටිය
වැටෙන වැටෙන හැමවෙලවෙම මාව නැගිට්ටවන්න
මට තුවාල වෙනකොට බෙහෙත් දාන්න
තුවාල වල රිදුම් දෙන ලේ බිදිති කළු කැලල් වලට පින් සිද්ද වෙන්න
හිතේ හියියට පින්සිද්ද වෙන්න මම අද හිනවෙනවා

මේ කඳුළු කතාවක අවසාන මොහොත

රිදුම් දෙන තුවාල වල අවසාන මොහොත

මම දැන් සුදානමින් ඉන්නවා
කඳුළු කතාවට සමු දිලා හිත පුරවලා හිනාවෙන්න
ඔව් මම හිනාවෙනවා
මට හිනාවෙන්න පුළුවන්
මගේ හින මගේ බලාපොරොත්තු මාව ජිවත් කලා මට නැගිටින්න උදව් කලා..දැන් මටත් හිනාවේ සුව විඳින්න පුළුවන්....


වැටි වැටි දුවමි මම


දුව දුවා වැටෙමි මම


රිදුම් දෙන ලේ බිදිති දැක


සෝ සුසුම් හෙලමි මම





තව තවත් දුර දුවමි මම


රිදුම් දෙන අනන්තය සොයමි මම


නොලැබෙනා සිනකැන් ලඟ


සුසුමවැල් සලමි මම





හඩ හඩා තැවෙමි මම


කැ ගසා හඩමි මම


නොවියෙලෙනා කඳුළු කැටි ලග

මගේ සිනා රැල් මවමි මම
___________________________________________සෂි_.



6 comments:

  1. නියමයි න0ගා... අන්න එහෙම තමා ඉන්න ඔනා.... CongradZ...

    ReplyDelete
  2. නියමයි! හැමදාමත් හිනාවෙලාම ඉන්න!
    ජය! :)

    ReplyDelete
  3. දුක හිතේවි මේ ගමෙනේදී ගොඩක් එත් වෙටෙන්න එපා මට කව්රුවත් නෑ කියල දැනේවි එත් ඔයාගේ හිත ඔයත් එක්ක එන්නාව කියල මතක
    තියා ගන්න අද කව්රුවත් නෑ කියල දැනුනට දවසක ඔය ලෝකෙටම වටිවී අපිට තරු අල්ලන්න බැ තමයි එත් මතක තියා ගන්න අපිටත් තරුවක් වෙන්න පුළුවන් කියල ඉතින් අපි හමායමු..




    යන මග දුරයි
    කටු කොහොල්
    බිමයි
    චණ්ඩ මාරුත
    හමයි
    ය යුතු මග දුරයි ..............
    දුර වැඩි නමුත්
    යා යුතු මග
    එයයි
    සිත දිරි ගනින් නුබ ............
    මේ ගිමන්
    නිවන්නට
    කාලයක් නෙමෙයි .....................

    ReplyDelete
  4. වැටෙන තරමට නැගිටින්න.... ජය !!!

    ReplyDelete
  5. හඬන්නට බැරි නිසා
    නුඹ වෙරෙන් හිනැහෙන්න....
    ජීවිතේ මතු දිනක
    නුඹේ කඳුල වියකෙන්න....

    ReplyDelete
  6. ඔව් වැටි වැටී දුවන්න ඕනි.එතකොට තමා ආයෙ කවදාවත් නොවැටී දුවන්න හැකි වෙන්නේ

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?