Saturday, September 1, 2012

එක මඟ හමුවු නුඹ මම

 
බොහො ඉස්සර පුරුදු සවසම
නුඹට මම ද මටත් නුඹද
හමුවුන මේ සොඳුරු නඟරය

දෑත පටලන් සිනහ දවටන්
ඇවිද ගිය හැටි තාම මතකය

දවයි මගේ හිත තව
හඩයි මම තව

දුටුවමුත් මම නුඹේ රුව අද

ඒත් නුඹ කොතැනද
මම කොතැනද
දන්නා හඳුනන අයෙකු විලසින් හමුවි
නුඹ මම
එකම නගරෙක
නොදන්නා දෙදෙනෙකු විලසින්
අද මුණගැහුණු අරුමය

තවම විඳවමි මම

5 comments:

  1. ම්ම්ම්....

    හඳුනන නගරේ
    නොහඳුනන අප
    මතකද පෙරදා
    හමුවුනා...

    හඳුනන නගරේ
    නොහඳුනනා ලෙස
    ඇයිදෝ මෙලෙසින්
    වෙන්වෙලා..... :)

    ReplyDelete
  2. නියමයි.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. අයෙමත් ආපස්සට ජීවිතේ දිහා හැරිලා බලනකොට මතක් වෙන හමු වීම් ගොඩක්
    තියනවා . පුංචි කලේ ඉදන් එහෙම හම්බවෙලා ලස්සන මතකයක් විතරක් ඉතුරු කරලා
    අද වෙනකොට ඇත් වෙලා එහෙමත් නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා ඉන්න තැනක් දන්නේ
    නැති කී දෙනෙක් ඉන්නවද ?

    ReplyDelete
  4. හ්ම්ම්

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි...
    මේ මැයි ගහ යට.....
    මේ බස් නැවතුම පෙර හැම දිනයේම..

    ReplyDelete
  5. ලස්සනයි.පෙනුමත් වෙනස්ද මන්ද..
    ඒකත් ලස්සනයි :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?