Thursday, September 27, 2012

මමයි නුඹේ අම්මා

දරු සෙනෙහසක් හිස මුදුනෙම හිනැහෙනවා
කිරි රන් සිනා හිත ඇතුලෙන් මතුවෙනවා
දරු කැක්කුමත් හද පතුලේ හැන්ගෙනවා
අඟ හිඟ කමට මව් පදවිය දන්දෙනවා

දස මස කුස දරන් කිරි කැටි පුතු බිහි වෙන්නා

රන් කිරි සිනා හඩ මගෙ සවනට නොම වැටුනා
ලේ කිරි කෙරූ රන් දෙතනම අද වියලෙන්නා
දරු සෙනෙහසට මිල මුදලින් ලියලා දුන්නා

ඇකයේ නොදැරුවත් සිත නුඹ තව විමසනවා

ලේ කිරි වියලුනත් දෙතනම මගෙ හිරවෙනවා
තුරුලේ නොසිටියත් හිත තව නුඹ නලවනවා
පුතු පිට වුනත් දරු සෙනෙහස තව දළුලනවා

කුසයේ බර නොවෙයි පුතුනේ මට පෙර දැනුනේ

දිවියේ බරයි හිස මුදුනෙන් තව හිනැහෙන්නේ
නුඹ අන් සතු වුනත් මම තවමත් විදවන්නේ
සමාවෙයන් පුතුනේ මම අම්මයි වෙන්නේ

Monday, September 24, 2012

වැලිමළුවේදි.....

හිතේ තියන හුඟක් දේවල් අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහින් කියනවා.....බුදු සමිදුගේ සෙවණේ ඉන්න එක මොහොතක් හරි හිතට  පුදුම සැනසුමක් තියෙන්නේ....වැලිමළුවේ වාඩි වෙලා සිලි සිලි හඩින් හෙලවෙන බෝ පත් වල නැලවෙන ලස්සන තාලයට ඇහුම්කන්දෙන්න පුළුවන් නම්....හිතේ මොන ප්‍රශ්නය තිබ්බත් ඒ හැමදේම අමතක කරලා දාන්න පුළුවන්....ඒ තරම් සැනසුමක් තවත් නැහැ......

බුදු සමිඳු ඉස්සරහින් පුංචි සුදු මල් ටිකක් පුජා කරලා....හිත නිවෙන්න ඒ පින් රුව දිහා බලන්න පුළුවන් නම් එක මොහොතක් හරි කෝච්චර ලැතැවුල් කෝච්චර දුක් හිතේ තිබ්බත් ඒ හැමදේම බුදු සිසිලෙන් නහවන්න පුළුවන්.......
පන්සල් මළුවේ දි අපේ හිතට දැනේන සැනසුම සිසිලස වචන වලින් කියන්න බැහැ......කියලා ඉවර කරන්නත් බැහැ......
ගිය සතියේ එක දවසක මමත් ගියා කැළණිය පන්සලට.....බුදුන් වැඳලා..පහන් පත්තු කරලා බෝඳිය නාවලා...හුඟ වෙලාවක් වැලි මළුවට වෙලා තාලෙට නැලවෙන බෝ පත් වල සද්දේ අහගෙන හිටියා එතකෝට වේලාව හවස 6ත් පහු වෙලා ඇති.....හරිම සැනසුමයි...දැල්වෙන පහන් සිලෙන් එන ආලෝකය.....
පත්තුවෙන හඳුන් කුරු වලින් එන සුවඳ දැනේනකෝට හිතට එන හැඟිම වචන වලින් කියන්න අමාරුයි....



බුදු හාමුදුරුවන්ගෙන් මටත් ඉල්ලන්න හුඟක් දේවල් තිබ්බා...හුඟක් දේවල්..මගේ හිත ඇතුලේ තෙරපිලා තිබ්බ හුඟක් දේවල්..ඒත් මම දන්නවා ඒ බුදු හාමුදුරුවන්ගෙන් දෙයක් ඉලන්න ඒ වෙලාව නෙමෙයි...මොකද මම වගේම තව කිදෙනක් ඔය වැලිමළුවට වෙලා බුදුහාමුදුරවන්ට තමන්ගේ හිතේ තියන දේ කියනවා ඇතිද....පිහිට පතනවා ඇතිද......





සිලි සිලි හඩින් සෙලෙවෙන බෝපත් සෙවනේ
ලොව්තුරු සරණ පැතුවා මම හිමිගේ අරණේ
දැල්වෙන පහන් සිලකින් ගෙන දෙන එළියේ
සඳහම් සුවඳ දැනුනා මට මෙත් ගගුලේ

දැල්වෙන පහන් සිසිලක සුව අතරේ
පැගෙන සිහිල් වැලිකැටයක් අතරේ
පුදුදෙන සුදු පින්න මල්ගොමු අතරේ
හිමිගුණ සෙව්වා සැමදා මම නිරන්තරේ


බෝපත් සෙවණ ගෙනදෙයි මට අමා සුව
මේ වැලි මළුව සුව ගෙනදෙයි නිරන්තර
බැඳි බැමි ලිහෙන සසරේ මඟ දුරු කතර
නවතාලිය හැකිද සමිඳුනි මට අතරමඟ



 
.
.
.
.
.
_______________________________සෂි-.

Friday, September 21, 2012

නොකියු පෙම් කතාව දෙවැනි කොටස

දිනෙන් දින අලුත් වෙනවා....හැමදාම හැමදේම අලුත් වෙනවා....
කියාගන්න බැරතරම් සෙනෙහසක් හිත ඇතුලේ හුඟක් පිරිලා....එ සෙනෙහස වචන වලට පෙරළන්න ඇත්තටම මට අමාරුයි.....ඇත්තටම අමාරුයි...මොකද මම දන්නවා මම ඒ සෙනෙහස වචන වලට පෙරළන්න ගියෝත්ඇත්තමයි මට ඒ සෙනෙහසට සාධාරණයක් කරන්න වචන හොයාගන්න ඇත්තටම අමාරුයි කියලා.....මොකද මට කියාගන්න බැරිතම් ආදරයක් කියාගන්න බැරිතරම් සෙනෙහසකින් මගේ හිත ඇත්තටම පිරිලා...                        

මට ඒ සෙනෙහසට සාරධාරණයක් කරන්න බැහැ ඇත්තමයි ඒත් මට මගේ හිතේ තියන අදහස් හිරකරන් ඉන්ත් බැහැ
ඇත්මයි කවියක් කුරුටු ගැවත් දැන් ඒ කවිය ඇතුලේ ඔයාගේ ආදරය පිරිලා.....ඇස්දෙක පියාගත්තත් මගේ හිත පුරුවට ඔයාගේ ඔය සුහු මුණ දඟකරනවා...හිතාගන්න බැහැ..කොහොම හිටපු මමද....කොහොම ආදරය දිහා බලපු මමද...ඇත්තටම මම දැන් වෙනස් කෙනෙක් වෙලා...දහස් වාරයක් පින් එයාට මට මගේ ජිවිතේ තෙරුම් කලාට....මට දැනේනවා මම දැන් ජිවත් වෙනවා....මට දැනේනවා ඔයාගේ ආදරෙන් මම හුඟක් ජිවිතේ විඳිනවා කියලා
කියාගන්න බැරිවුනත් ලියාගන්න බැරිවුනත් හුඟක් ආදරෙයි මම..ඇත්තමයි
හින් පිණපොද
වැටෙන හිත ලඟ
ආදරේ මුසු නුඹේ
පෙම ලඟ
දෙදණ තියමින්
බලමි මම මඟ
අපේ වෙන අපි
පෙම් හැඟුම් අරගෙන

නලියනා සහස්
හැඟුමන් අතරින්
නුඹේ හිත මම
හැඳිනගත් හැටි
මටත් නෙපෙනෙන
මටත් නොදැනේන
අරුම සෙනෙහස
මගේ වුව හැටි

බලාඉමි මම
කල්පයක් වුව
නුඹේ සෙනෙහස
මටම හිමිනම්
සදා රකිනෙමි
නුඹේ පෙම මම
එකම හිතකින්
මගේ වෙයිනම්


........................................
නුඹ මට ආදරෙයි කියා මම දන්නවා
නුඹේ ජිවිතේ මම කියා 
මම දන්නවා
නුඹ මට ආදරෙයි නොකියා
නොදන්නවා වගේ ඉන්නවා
_____________________________________සෂි_.




Wednesday, September 19, 2012

නොකියපු පෙමක් ඇත හද කොනක

මම දන්නවා....ඒත් නොදන්නවා වගේ ඉන්නවා....
මට තෙරෙනවා...ඒත් නොතෙරනවා වගේ ඉන්නවා...
හදවගේ සියුම් තැනකිනුත් එහාට.....හදවතේ ගැඹුරුම තැනිනුත් කොනට....තැන්පත් වෙච්ච අහිංසක හැඟිමක්....කියන්න තෙරෙනැහැ...වචන ගලපනන්න තෙරෙන්නැහැ....
ඒත් හිත ඇලුලේ හිර කරන් ඉන්නවා..මටත් නෙතෙරෙන විදියට...කවද හරි දවසක් එළියට දානවා.....ඒත් ඒ හැඟිම වචන වලට පෙරළන්න ගියාම හරිම අමාරුයි......පටන් ගන්න තැනක් අවසාන වෙන තැනක් තාම හිතාගන්න බැහැ
ලියන්න පටන් ගන්න ඔනේ කොහොන්ද...ලියලා ඉවර කරන්න ඔනේ කොතනින්ද...ලියන්න ඔනේ මොනාද‍
හිත තුල හිරවෙලා හිතට වද දෙන හුඟක් හැඟිම්....තාම වද දෙනවා.
ඒත්
ඒ අහිංසක හැඟිමට මට සාධාරණයක් කරන්න පුළුවන්ද...


හිත හිරිවට්ටන
නුඹේ ඔය පෙම
සැඟවිලා දැන්
මටත් රහසෙම
නොතෙරෙන ලෙස
හදේ කොනකම...
කියන්නට වදන් නැති
ගොතන්නට හැගුම් නැති
නොතෙරෙන ලොකයේ
නාන්නාදුරන
පෙම්වතුම් අපි
නුඹ නු‍ඹේමයි
මම මගේමයි
අපි
අපේ වේවිද
මේ බැඳිම් ලඟ
අපි නතර වේවිද
හදපුරා සෙනෙහෙන්
නුඹ මගේ වේවිද.....

_________________________________________සෂි_.







Monday, September 10, 2012

මේ මමද

                        මම මගේ ජිවිතේ පටන් ගත්තේ සිනහ හුඟක් පුරවගෙන නම් නෙමයි....හින හුඟක් පුරවගෙන නම් නෙමයි...
ඒත් හිනයක් නොතිබුනමත් නොවෙයි...මගේ හිතෙත් පුංචි පුංචි හින තිබ්බා..පුංචි පුංචි බලාපොරොත්තු තිබ්බා
ඒ පුංචි හින ඒ පුංචි බලාපොරොත්තු මාව හුඟක් දුරට ජිවත් කලා..මාව හුඟාක් ධෛරයයමත් කලා...
අපි හුමොම උපන් ගමන් ඇවිදින්නේ නැහැ...බිම දන ගහලා වැටි වැටි තමයි හැමදෙයක්ම පටන් ගන්නේ ඒත් වැටෙන්න වැටෙන්න නැගිටින්න ඔනේ...ටිකෙන් ටික මමත් මගේ ජිවිතේ ඉස්සරහට ඇව්දින්න පටන් ගන්නකොට වැටුන වාර අන්නතයි...වැටිලා තුවාල වුන තැන් වලින් ලේ එන කොට ඒ තුවාල පාරවල් රිදුම් දෙනකොට මට මාව තවත් ඉස්සරහට යන්න හයියක් වුනා

ඔව් මම අද හිනාවෙනවා
ඒ වෙන මුකුත් නිසාවත් නෙමයි
හිනාවකින් ජිවිතේ පටන් නොගත්තත් අද මට හද පුරවලා හිනාවෙන්න පුළුවන් වෙන මුකුත් නිසා නෙමෙයි
මම වැටුන වෙලාවේ මගේ හිත මගේ ලඟ මගේ හයියට හිටිය
වැටෙන වැටෙන හැමවෙලවෙම මාව නැගිට්ටවන්න
මට තුවාල වෙනකොට බෙහෙත් දාන්න
තුවාල වල රිදුම් දෙන ලේ බිදිති කළු කැලල් වලට පින් සිද්ද වෙන්න
හිතේ හියියට පින්සිද්ද වෙන්න මම අද හිනවෙනවා

මේ කඳුළු කතාවක අවසාන මොහොත

රිදුම් දෙන තුවාල වල අවසාන මොහොත

මම දැන් සුදානමින් ඉන්නවා
කඳුළු කතාවට සමු දිලා හිත පුරවලා හිනාවෙන්න
ඔව් මම හිනාවෙනවා
මට හිනාවෙන්න පුළුවන්
මගේ හින මගේ බලාපොරොත්තු මාව ජිවත් කලා මට නැගිටින්න උදව් කලා..දැන් මටත් හිනාවේ සුව විඳින්න පුළුවන්....


වැටි වැටි දුවමි මම


දුව දුවා වැටෙමි මම


රිදුම් දෙන ලේ බිදිති දැක


සෝ සුසුම් හෙලමි මම





තව තවත් දුර දුවමි මම


රිදුම් දෙන අනන්තය සොයමි මම


නොලැබෙනා සිනකැන් ලඟ


සුසුමවැල් සලමි මම





හඩ හඩා තැවෙමි මම


කැ ගසා හඩමි මම


නොවියෙලෙනා කඳුළු කැටි ලග

මගේ සිනා රැල් මවමි මම
___________________________________________සෂි_.



Friday, September 7, 2012

ඇයිද නොදනිමි හැරිලා බැලුනේ නුඹේ දෙස මම

ජිවිතේ හුඟක් ලඟින් ඉඳලා...හුඟක් දුරට හැමදේම තෙරුම් ගත්ත කෙනෙක්...ජිවිතේ හැමදේම බෙදාගත්ත කෙනෙක් ඒක පාරටම නැති වුනාම...එකපාරටම අඩු වුනාම ඒ හිස්තැන මකන්න හරිම අමාරුයි...ඒ අඩුව පුරවන්න ඒ වෙනුවට දහ දෙනෙක් ආවත් හරිම අමාරුයි....කොච්චර උත්සහ කලත් කොච්චර වෙර දැම්මත් ඇත්තටම ඒ සෙනෙහස ඒ ලෙංගතුකම නැති කරන්න හරිම අමාරුයි...කොච්චර කොහොම කියුවත් දවසකට එක පාරක් හරි ඒ සෙනෙහෙස එ ආදරය මතක් වෙන්වා අපි සමහර අවස්ථාවලදි අසරණවුනාම ඒ සෙනෙහස ලෙංගතුකම බලාපොරොත්තු වෙනවා....ආගියපු තැනි වලින් යනකොට පුරුදු මතකයන් හිත රිදවනවා වගෙම හරියට නුහුරු ලෙස වගේ ඒ සෙනෙහස ආපහු හොයනවා
යාළු මදහස 
මාගේ හිත ලඟ 
ආල කතන්ද
කිව හැටි මට 

තාම මතකයි 
මාගේ නෙතුලඟ
රැඳුනු හැටි
නුඹ


 ඇයිද නොදනිමි 
නොහැඟුනේ මට 
මාගේ හිත නුඹ
 කියුව හැටි තව
    
ආලේ පිරෙනා 
කෝල සුදු වත 
මාගේ හිත ලඟ 
හිටිය අරුමය  

තාම රැව්දෙයි
හිටිය හැටි ලඟ 
තුරුලේ වෙලෙමින්
මගේ ලඟ නුඹ


 දැත පටලන් 
පාර පුරාවට
 ඇවිද ගිය ඒ
සොදුරු සවසම


 තාම මතකයි 
ගෙවුනු මොහාතක 
රැදුනු සෙනෙහෙස
හිත පුරාවට  

තනිව මම අද 
ඇවිද යන්නෙමි 
අපි ඇවිද ගිය පුරුදු
පාරේම
 ඇයිද නොදනිමි
 හැරිලා බැලුනේ
 තනිව යන විට මං
පුරුදු ඒ මඟ දෙස  

හදවත දහස් වාරයක් කොදුරන දෙයට වඩා බුද්ධිය එක වාරයක් කොදුරන දෙය වටිනවා
මම දන්නවා
සහ මම එය පිළිගන්නවා
මට නුඹ හිමි නැහැ නුඹේ සෙනෙහස හිමිනැහැ
නමුත් හද පුරා හරිම සතුටින් කියන්න පුළුවන් මම නුඹේ ආදරය වින්දා
මට ඒ ඇති  
'මුළු ජිවිත කාලය පුරාවට හිතින් සතුටු වෙන්න මට ඒ මතකය ඇති'
 සඳ නේන දා
පළු අහසම
ඉකිගසයි
මුළු රෑම
තනියම.....
නුඹ නේන දා
මගේ හිතත්
හොඳටම
සුසුම්ලයි
තනිකමද
තුරුලුව...
___________________________________සෂි
      

Tuesday, September 4, 2012

පුරුදු පරිදිම
පුරුදු සවසම
ආපු දුර මම
තනිව යන විට

නුහුරු ලෙස මම
පුරුදු මඟ ලඟ
නුඹව සෙව්වා
නුඹට දැනුනිද

Saturday, September 1, 2012

එක මඟ හමුවු නුඹ මම

 
බොහො ඉස්සර පුරුදු සවසම
නුඹට මම ද මටත් නුඹද
හමුවුන මේ සොඳුරු නඟරය

දෑත පටලන් සිනහ දවටන්
ඇවිද ගිය හැටි තාම මතකය

දවයි මගේ හිත තව
හඩයි මම තව

දුටුවමුත් මම නුඹේ රුව අද

ඒත් නුඹ කොතැනද
මම කොතැනද
දන්නා හඳුනන අයෙකු විලසින් හමුවි
නුඹ මම
එකම නගරෙක
නොදන්නා දෙදෙනෙකු විලසින්
අද මුණගැහුණු අරුමය

තවම විඳවමි මම