Tuesday, August 7, 2012

කඳුළු අතරින්

කළුවර රැ හිනෙන් ඇවිදින් නුඹ මගේ ලඟම තවත්
තෙපලු පෙම් කවි තාමත් සුව දෙයි මට මගේ සවනත්
හිත වාවන්නැ නුඹ ලඟ නැති රෑ මගේ සිහිනේ තවත්
තව පිළිගන්නේ නැහැ අන්සතු වි දැන් මට නුඹේ හිතත්

සයුරට රළ පෙළ ඇදුනා වාගෙයි නුඹේ සෙනෙහෙ ඉතින්
ඇස් අග නැලවෙන කුංකුම වාගේ නුඹේ සුවය ඉතින්
හිත තුල නලියන හැගුමන් සොදුරුයි නු‍ඹේ ලඟදි ඉතින්
මම තව සැනසෙනු කෙලෙසද නුඹ දැන් මාහැර ඉතින්

රෑයම පිපෙනා තරු කැල අතරින් නුඹේ රුව සොයනවා

නුඹ දුර ඇදුනත් සිහිනෙන් හො මම නුඹ තව පතනවා
අපි එක් නොවුත් යලි නුඹ ආවත් හිත මගේ විඳවනවා
නැවතුනු තැන නුඹ හිනැහි ඉනු මැන මම අද හිනැහෙනවා

3 comments:

  1. ඔයා කවිවල තියෙනවා හරිම අපූරු සංගීතයක් යාළු.. ඒක හරිම දුක හිතෙන සංගීතයක්.. ජය වේවා.. දිගටම ලියන්න.. මේවා වල ලින්ක්ස් ෆේස්බුක් එකේ බ්ලොග් ගෲප්ස් වල පෝස්ට් කරන්න.. එතකොට ගොඩාක් අයට මේ කවි කියවන්න පුළුවන්.. :)

    ReplyDelete
  2. හරිම ලස්සනයි යාලු :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?