Saturday, August 4, 2012

නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා

ඉකි ගසා හඩනා මොහොතක
තනිකමත් මම හිතින් ලඟින් අරගෙන
හදේ දුක් තැවුල් කවි කර
තනිවා හැඩුවා අපේම ප්‍රේමෙට

නෙතින් උණු කදුලැලි හලලා
හිතන් සෝ සුසුමන් තවත් යැදලා
නිරතුරුව මම නුඹම පතලා
නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා

ලගින් ඉන්නට තවත් ඉඩ නැහැ
දුරින් මගේ හිත හිනැහෙන්නේ නැහැ
මටත් අවනත නොවන මගේ හිත
නුඹ නොමැති බව පිලිගන්නේමත් නැහැ

6 comments:

  1. ලඟින් ඉන්නට ඉඩක් නැතිනම්
    දුරින් හිඳ සැනසෙනුත් බැරි නම්
    අහිමි රුව දෙස නොබලා යා නම්
    යන්න හැකිවෙයි දුරට එහෙනම්..

    ලස්සන පද වැලක්..

    ReplyDelete
  2. ලගින් ඉන්නට බැහැනේ දැන් මට නුඹේ හිත අන්සතු වෙලා
    දුරින් ඉන්නට බැහැනේ දැන් මට නෙතේ කදුලැලි පුරවලා
    හිතින් පතනට පැතුම් නැහැ මට හැගුම් මගේ අද ගොඵ වෙලා
    මට අහිමි වුනු නුඹේ ප්‍රේමය රැගෙන යමි මම තනිවෙලා


    ස්තුතියි....

    ReplyDelete
  3. :( දුකයි.ඒත් ලස්සනයි යාලු :)

    ReplyDelete
  4. ලගින් ඉන්නට තවත් ඉඩ නැහැ
    දුරින් මගේ හිත හිනැහෙන්නේ නැහැ
    මටත් අවනත නොවන මගේ හිත
    නුඹ නොමැති බව පිලිගන්නේමත් නැහැ

    ReplyDelete
  5. "නිරතුරුව මම නුඹම පතලා..
    නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා..."
    hmmm....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?