Friday, August 24, 2012

නුඹත් රැජිනකි එහෙනම්...

විඳින්නට පහසක්
නුඹේ සිරුරේ රසයෙන්
ගෙනෙයි නම් මිහිරක්
  මොණර කොලයේ බරකින්

නුඹේ පපුවට හෙමිහින්

කන තියාගෙන අහපන්
නුඹේ ජිවයේ සුවදින්
මත් වුනේ දැයි කවුරුත්.

කාසි කොලයට හැකිනම්

නුඹව මිලදි ගන්නට දැන්
නුඹේ පපවේ හුසමෙන්
තවත් නැහැවෙයි දිවියක්


ලොවට නෙපෙනෙන රහසක්

අපිට නොඇසෙන හඩකින්
කියන්නට හැකිනම්
නුඹත් රැජිනකි එහෙනම්...

6 comments:

  1. නිදන සයනේ
    මුනින් තලාවට
    යෙහෙන්
    වැජබෙන
    තිසර තන
    යුග
    පොවයි මී
    විත
    රුදුරු දන
    හට ...............
    රැයේ පුරහද
    ගෙනෙයි
    අම පැන්
    නග්න සිරුරට
    එත් .............
    සිත නුබේ
    වේලි යයි
    පුර හදින්
    කළුවර ...........

    ReplyDelete
  2. ලස්සනයි ශානි....මේ මගේ අදහස ....

    ඇයට ඕනේ ආතල් නම්
    නොම කරයි එය මුදලට දැන්
    ඇයට ඕනේ මුදල් නම්
    ඇය කරයි හොද හැටි ආතල්

    අද මේ තත්වය සමනය දෙයක් වෙලා ...මේක ගැන දෙපැත්තකින් බලන්න පුළුවන් .....අහවන් ඉටුකරගන්න ඕන කමට කාමාතුරයන් මෙය මාර්කට් කරනවා කියල හිතන්නනත් පුළුවන් ..එහෙම නෙත්තන් මුදල් නෙති කමට ජිවත් වෙන්න කරන රැකියාවක් වෙන්නත් පුළුවන් ...මොනවා උනත් මෙඉ වෙන අතුරු විපාක නම් අනන්තයි ......

    ශයංගගේ ප්‍රාන්තය ඔස්සේ මමත් මේ ගැන මගේ ඇසින් ලිව්වා ... හොදයි ද කියල බලන්න
    http://shayanga.blogspot.com/2011/08/blog-post_28.html

    ReplyDelete
  3. ලොවට නෙපෙනෙන රහසක්
    අපිට නොඇසෙන හඩකින්
    කියන්නට හැකිනම්
    නුඹත් රැජිනකි එහෙනම්...

    සිරුර විකුනන ගැහැනුන් කාමාතුරයන් ඉදිරියේ රැජිනන් කොහොමත්....ඒකත් හරියට කරනවනම් :P

    ReplyDelete
  4. ලොවට නෙපෙනෙන රහසක්
    අපිට නොඇසෙන හඩකින්
    කියන්නට හැකිනම්
    නුඹත් රැජිනකි එහෙනම්...
    සහතික ඇත්ත... අඳුරේ රජ කරන රැජිනියකි
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  5. අපූරුයි අක්කෝ......මම ආසයි මේකට!

    ReplyDelete
  6. ලස්සනයි සහෝ.....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?