Tuesday, August 21, 2012

යසෝ....නුඹ....සහ මම.....

හිතින් පෙම් බැන්දාත්
ලඟින් හිඳ පෙම් කෙරුවත්
නුඹත් ගැහැණියෙකි
මමත් ගැහැණියෙකි

යසෝ...

පෙම් කලේ අපි දෙදෙන
පිරිමි මනුස්සාත්මයකට....

සුව වින්දේ අපි
හදවතින් ප්‍රේමාදරය
රැවටුනා

යසෝ
නුඹ

ඒ ආදරයටම...
රැවටුනා
 
මම

මගේ ප්‍රේමාදරයට...
 
නුඹත් අසරණයි

එදා
තනිවම නොව
පුංචි රහුලයන්ද සමඟින්ම..

මමත් අසරණයි අද
 
තනිවම නොව
මගේ අසරණ හිතත් සමඟින්ම...

රැවටුනේ අපි
ආදරෙන් නැහැවුන
පිරිමිකම රජයන
පිරිමි මනුස්සාත්මයකට

වෙනස

සිදුහත් හැර ගියත් යසෝ නුඹව
අන් ලඳ සිටියේම නැත කොනක

මහැර ගියක් මගේ පිරිමි ප්‍රේමාදරය
නැවතුනු කොනක
සිටිනවා තවත් ලඳක් නතරව
සිනහවෙන් නැහැවෙමින්...

ඉතින්
අපේ කාලේ යසෝදරාව
නුඹ
සහ
මම

බැමි ලිහන එකම තැන...



(මුලාශ්‍රය  -  මගේ සොයුරියකගේ කවි පෙලක්)

4 comments:

  1. මොකද්ද දෙන මම මේකට comment කරන්නේ..?
    මුකුත් හිතෙන්නේ නෑනේ.. :(

    ReplyDelete
  2. හ්ම්ම්... හරිම සංවේදී නිර්මාණයක්..මටත් ගැලපෙනවා..
    ඒත් අන් ළඳක් නැති එක තමා වෙනස.. :/

    ReplyDelete
  3. හරිම අපූරුයි යාලු :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?