Sunday, August 19, 2012

නොකියු පෙම නුඹ

රෝස මල් පෙති මත ඉහිරුන
සුමුදු සුසිනිඳු සුවඳ
තවම සිත කිතිකවනවා ලඟ....

නොලියමින් ලතැවෙන දහක් පදවැල් අතර
හිතට ඉඟිබිගිපාන
දහසකුත් සිතුවිලි
තවම දඟ කරනවා ලඟ......

දිනෙන් දින ලං වෙමින්
නුඹට මට අතපාන සෙනෙහස...
තවම කිතිකවනවා මගේ සියොලඟම
පවසනා තෙක් සිත‘රැදි සෙනෙහෙස

ආදරෙයි නොකියුවත්
පෙම් වදන් නොදෙඩුවත්
දිනෙන් දින ලං වෙන අපේ පෙම් සිත්තරය
තවම මඟ සොයනවා හිත ලඟ

ඒත් අසරණයි මම

ඒ හිත අසලින්ම.......

6 comments:

  1. හ්ම්ම්..නමක් නැති සබඳකමක් වගේ..
    ලස්සනයි යාළු..

    ReplyDelete
  2. අනේ මන්දන්නේ නෑ ආදරේ නම්.ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  3. හරිම ලස්සනයි යාලු :)

    ReplyDelete
  4. ඒත් අසරණයි මම

    ඒ හිත අසලින්ම.......


    හිත ඇතුලන්තයට ගොඩක් සමීපයි ලස්සනයි

    ReplyDelete
  5. ආදරය කියන්නේ අර රස නාමයම ඒක ගානට දාපු කොත්තුවක්ලුනේ.... තමා දන්නේ නෑ..
    කොත්තුවෙන් නිරුපනය වන්නේ අපහාසයක් නොවන බව සලකන්න.. :)

    ReplyDelete
  6. එල!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?