Thursday, August 16, 2012

සදාකාලික නොවු ලෝකේ සදාකාලික බැඳිමක්.....

ජිවිතේ ගෙවෙන ගෙවන හැම මොහොතක්ම හැම දිනයක්ම අලුත් පරිච්ඡේදයක්........
තත්පරෙන් තත්පරය ජිවිතය ගෙවෙනවා
තත්පරෙන් තත්පරයට ජිවිතය අප්ඩේට් වෙනවා.. අලුත් දත්ත එකතු වෙනවා
සමහර දේවල් සංශෝධනය වෙනවා..
තවත් වෙලාවකට අනවශ්‍ය දේවල් අයිවෙනවා... එහෙමත් නැත්තම් අයින් කරන්න වෙනවා..
ඒ මොනවා වුනත් ජිවිතේ ගෙවෙනවා
හැම මොහොතකම අලුත් දෙයක් අලුත් සිතුවිල්ලක්
අලුත් පැවැත්මක්....
හැම දෙයක්ම අපේ ජිවිත වලට අලුත් පාරක් පෙන්නනවා ගෙවෙන ගෙවෙන හැම මොහොතෙම මොකක් හරි අලුත් බැඳීමක් එනවා
සමහරවිට ඒ එකතු වෙන බැඳිම් අපේ ජිවිතේ හැරුම් ලක්ෂ්‍යයන් වෙනවා...
ඒත් අපි අපිටම කියලා මුඵ ජිවිත කාලයටම තියාගන්නවා කියලා පටන් ගන්න හුඟක් බැඳිම් හරිම තාවකාලිකයි....
ඔව් තාවකාලිකයි ...
මොකද අපි ස්ථිරයටම තියාගන්න හදන්නේ අපේ ජිවිතේට අහම්බෙන් එකතු වෙන බැඳිම්.....
නමුත් ඇත්ත හරි විදියට දැකලා බැඳීමක් වුනත් බැඳිමකින් තොරව තියාගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අහම්බෙන් වුනත් අපේ ජිවිතේට අපි ලඟා කරගන්න සැබෑම හැරුම් ලක්ෂ්‍යය....

4 comments:

  1. අස්ථිර ලෝකේ ස්ථිර බැඳීමක් තියෙන්න බෑනේද..?
    කාලයත් එක්ක බැඳීම වෙනස් වෙන්න ඕනේ කියලයි මගේ මතය. එත් ඒ වෙනස් වීම යහපත් ආකාරයට වෙනවා නම් තමා තවත් හොඳ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් අපි ස්ථිරයටම තියාගන්න හදන්නේ අස්ථිර දේවල් එකයි මම අදහස් කලේ

      Delete
  2. හුදෙක් බැඳීමක් තුල බැඳීමක් තිබිය යුතුමය.එහෙත් බැඳීමට බැඳීමක් නොලත් තැන සියල්ල අහිමි වුවද සතුටක සේයා ඇත :)

    ReplyDelete
  3. හ්ම්ම්..මම එකඟයි යාලු!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?