Tuesday, August 14, 2012

ගලන ගඟකි ජිවිතේ....

බිංදු බිංදු පොද වැටිලා වැටෙන වැහි පොද කවද හරි දවසක ලොකු වැවක් වෙනවා ඇත්තමයි.....
පුංචි වැහි පොද බිඳුවකින් නැගෙන මේ සිසිලස හැමදාමත් වෙනසක් නැතුව එකම විදියට දැනේවි...
.චුටි චුටි දිය ඇලි ටිකක් එකතු වෙලා ලොකු ලස්සන ගඟක් හැදෙනවා.....


 ගඟක් වුනත් හැඩේකට...ලතාවකට... තාල දාල ලස්සනට ගලන කොට තමයි කාට වුනත් බලන්න ආස හිතෙන්නේ...
ගල් වලත් හැප්පිලා වංගු වලින් ලස්සනට තාලෙකට හැරිලා යන කොටයි හැමදාම එකම විදියට ගලන ගඟෙත් ලස්සනක් දැනෙන්නේ.....

.ජිවිතෙත් ඒ වගෙයි හැමදාම එකම විදියට ඉඳලා හැමදාම එකම විදියට ඇඳලා එකම විදියට හිතුවොත් අපි හැමදාමත් එකම තැන....
හරියට එක තැන ප්ලේ වෙන සීඩී එකක් වගෙයි....

ජිවිතේටත් වෙනසක් ඕනේ.....ඒත් ඒ වෙනස වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනෙම තැනදි... ඕනෙම කරන විදියට....
ඔහේ කල්ගෙවලා නිකන් කාලය නාස්ති කරලා කිසිම පලක් නැති දෙවල් වලට තමන්ගේ වටිනා කාලය මිඩංගු කරලා ඇත්තටම අපි අපේම දේවල් ගැන දුක්වෙන වාර අනන්තයි...
.ඒත් සීමා සහිත රාමුවකින් එලියට ගිහින් අපිට ජිවිතේ ගැන වෙනසක් දකින්න පුළුන්නම් වෙනසක් කරන්න පුළුවන් නම්........
විඳින්න තියන ජිවිතය අපිට ජිවිතය වගේම විඳින්න පුළුවන් වෙන්නේ එතකොටයි ....

කාලයක් ගිහින් ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි අපිට හිතලා විතරක් නෙමෙයි තව කෙනෙක්ට කියලාහරි සතුටු වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි.......


12 comments:

  1. සහතික ඇත්ත කතාව.. ජීවිතේ වෙනස් වෙන්න ඕනේ.. වෙනස් වෙනවා කියන්නේ රැල්ලට ගහගෙන යනවා කියන එක නෙවෙයි. ඒත් කාලෙන් කාලෙට ජීවිතේ අලුත් වෙන්න ඕනේ.. ජය වේවා..

    ReplyDelete
  2. එකගයි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ගල් වලත් හැප්පිලා වංගු වලින් ලස්සනට තාලෙකට හැරිලා යන කොටයි හැමදාම එකම විදියට ගලන ගඟෙත් ලස්සනක් දැනෙන්නේ.....
    අනිවා අක්කේ ...සහතික ඇත්ත...ඔයාගේ වචනයෙන් මේ වගේ දෙයක් අහන්න ලැබුණු එක්කත් සතුටුයි ....ඒ නිසාම
    දැන් ඒ ලතාවට ගලන ගග වගේ ඔයත් ලස්සනට ගල බහින්න කාලය ඇවිල්ල ....ඒ හැපුණු ගල්රළු පරළු වල අත්දැකීම එකතු කරගෙන සතුටින් ඉදිරියට යන්න කාලය ඇවිල්ල කියල හිතෙන්නේ ...
    සුභ පැතුම් අක්කේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත අශාන් මල්ලි ජිවිතය විඳින් මේ හොඳම කාලයයි

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ඇත්ත තමා

    ReplyDelete
  5. ජිවිතෙත් ඒ වගෙයි හැමදාම එකම විදියට ඉඳලා හැමදාම එකම විදියට ඇඳලා එකම විදියට හිතුවොත් අපි හැමදාමත් එකම තැන....

    "මේකට පස්සෙ පේලියනම් කචල්"

    පට්ට, මටම හරියන පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ අනේ එක තැන ප්ලේ වෙන සිඩි එකක් වගේයි නේ හා මම වැරදිද

      Delete
  6. හ්ම්ම්..නියම පෝසට් එකක්!

    ReplyDelete
  7. ඔබට ජීවිතේ හරියට දැනෙන්න පටන්ගෙන තිබෙනවා. සතුටුයි.

    ReplyDelete
  8. ජිවය ගංගාවකි .. ඔබ අප එහි ගලනා ජලයි .....................

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?