Friday, July 13, 2012

ඔබ ඇවිත් නැවිත් ගිහින් තිබුනා

ඔබ එතැයි මම මග බලන් හිටියා 
දින ගනන් සති ගනන් 
දැස්‌ අයගෙන පාර බලාගෙන 
සුමුදු පියවර තබා එන මග 
සුදුසු පියවිලි එලා තිබුනා......

ඔබෙ රුව නෙත්මානයෙන් වෙන්වි
කල්පයක්‌ කල් නොදැනිම ගෙවුනා
ඔබ එතැයි කියා දැස්‌ අයාගෙන 
මගේ සිත් මඩල තුල සුසුමන් හෙඵවා....
නුඔ නොඑන බව මට සිතගන්නත් බැරිව සිටියා

හිරව වියලුන මගෙ දෙතොලග 
සිනහවේ සඳකැන් ද ගැලුවා
ඔබේ උනුහුම සිහිනෙන්ද පැතු මා 
කදුලකටද ඉඩදි මගේ  හිතට යලි
ඔබ ඇවිත් නැවිත් ගිහින් තිබුනා!!!

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?