Saturday, July 21, 2012

නව පිටුව

සිතැඟි අද්දර නලියන මගේ පෙම් සිත්තරය
ලස්සනට හැඩ කරමි නුඹේ පෙම එයට මුසු කර
ලද මා නව පන්නරය නුඹේ පෙම අභිමුඛව
අවසරයි කිමදෙන්න නුඹේ ආදර ගග තුල

සෙනෙහසින් නැහැවෙන් ආදරෙන් කිමිදෙන්න
අපි අපිම මඟ ලබුමු අපේ ලොව සැනසෙන්න
අලුත් ලොව ජය ගන්න නුඹේ ලඟින් සැනසෙන්න
යලිත් පෙරලමි මම මගේ දිවියේ නව පිටුව

1 comment:

  1. "සෙනෙහසින් නැහැවෙන් ආදරෙන් කිමිදෙන්න"..නියමයි ....සුභපැතුම් යාලු

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?