Saturday, July 21, 2012

හිත තුල මගේ දහසක් දේවල් නලියයි
ඉඳහිට මගේ ලඟවිත් රහසක් කොඳුරයි
ලඟ ලඟ හිදන් මගේ හිත මත නැලවෙයි
හිනෙන් වුනත් දැන් ලං වෙන්න හිතෙයි

රහසක් කොඳුරලා නුඹ මගේ ලඟට ඇවිත්
ඔච්චම්කලා නුඹ හොරුහින් මදෙස බලන්
ලං වි දැවටි මගේ ලඟ නුඹ සෙනෙහෙසිතින්
හිටියා වගේ මතකයි අපි අපිටම ආදරයන්

සැනසෙන වදන් මිහිරි මගේ හිත ගාව
නුලෙවෙන සිතුම් මිහිරි මගේ නෙත ගාව
මුමණන හින සොඳුරුයි මගේ පෙම ගාව
ඉන්නට පතන්නේමි මම සැමදා නුඹ ගාව

පුබුදයි හැඳුම් මගේ හැමදා ආදරයෙන්
නලවයි සුසුම් තවමත් මා සාදරයෙන්
මිහිරි වදන් සැමදා සනසන මගේ දෙසවන්
ඉන්නම් ඉතින් හැමදා මම එකම හිතින්

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?