Saturday, July 21, 2012

නිකුමුනු සිත

නෙත මත රුදුනු රුව මට නුඹ හරි අගේ ඇති
සිත මගේ සොයනවා තවමත් ඒරුව සිනාසිසි
මවමින් තවම නුඹේ සුදු වත මම හදේ රැදේ
සත්තයි මම කල් බලනවා දකිනට සිතේ සරි

මැවු පෙම් මාලිඟා අප ඒදවස හරි ආදරයෙන්
මිමිණු පෙම් වදන් මිහිරි තවමත් සාදරයෙන්
සිහියට නැගෙනවා අප ආගිය හැටි සෙනෙහෙ සිතින්
විසිරුනේ ඇයි මේලෙස අප ආ මග නොසිතු ලෙසින්

දහසක් සෝ සුසුම් දරමින් මගේ හිත මේ විලසින්
තනිවම හඩනවා මම මතකෙට ගෙන නුඹේ සුසුමන්
විදවන මගේ සිත සනසන්න යලි නුඹ ආදරයෙන්
නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්


No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?