මට මං අයති නැති
සිත තුල නලියන දහසක් සිතුවිලි සිරකර ඉන්නට බැහැ
කොපමණ සිතුවත් නුඹ ගැන මතකය අමතක වෙන්නේ නැහැ
මට හිමිනොවෙනා නුඹගේ සෙනෙහස සිත පිළිගන්නේ නැහැ
දෝත රදාගෙන සෙනෙහෙ විඳින්නට මට අද කවුරුත් නැහැ
මන්මාවත් වල දෑගිලි පටලන් අප ආගියපු හැටි
අදවාගෙම මට තාමත් මතකයි ඒ සුව සිහිනේ රිසි
ජිවිතයේ සුව දෝතින් ගෙන නුඹ ලන් වුව හැටි
අමතක කරනුයෙ කෙලෙසද මට මං අයති නැති
ආසයි ආයෙත් නුඹගේ තුරුලට ඇවිඳින් දැවටෙන්න
ඉඳහිටවත් සිහිකරමින් නුඹ ලඟ යලි සැනසෙන්න
මසිතට එඹේනා නුඹගේ රුව හද තුරුලට ගන්න
එනවානම් නුඹ මසිතට ආපසු හද දොරගුලු ඇරගන්න
No comments:
Post a Comment
කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?