Thursday, July 12, 2012

සිත නුඹවම සෙව්වා

තනිය මකන්නට ලීව පද වල - තනුව නුඹ වැයුවා
පාලු මකන්නට කීව ගි වල - පද අරුත සෙව්වා
මගේ හිත ලඟ රුඳි උන් නුඹ - සිත තනිය මැකුවා
අයේ කවදා නුඹ දකිවිද - සිත නුඹවම සෙව්වා

පැහැබරයි මගේ සිතත් නුඹ - ලඟ නුඹ සොයමි සැමදා
සෙනෙහෙ තවමත් ඒ වගේමයි - වෙනස් නොමවෙයි කිසිදා
මගේ පාලු හිත ඉකි බිඳියි අද - නුඹ නොමැත ලඟ මා
ඉන්න සතුටින් නුඹ සැමකල්හිම - මම ලඟයි නුඹ හා

මැවු මාලිග සිහින පැතුමන් - ඉකි ගසයි වැලපි
කිව ගිවැල් ලිව්ව පද වැල් - හද හඩයි සොවිනි
යන්න නික්මි මගෙන් වෙන්වි - දුක උරුම මට වි
ඉන්න හැමදා නුඹ සිනාවි - මම හිඳිමි තනිවි

1 comment:

  1. ලස්සනයි නංගි.....ජය වේවා!!!!! දිගටම ලියන්න....:)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?