Saturday, July 21, 2012

නිසල පෙම

සුමුදු සියුමැලි නුඹේ රතැගිලි
සලිත කරවයි මගේ සියොලග
නුහුරු නුපුරුදු නුඹේ කැල්මන්
මවිත කරවයි මගේ ප්‍රේමය

හෙමින් ලඟ ලඟ දෙයඩි තබමින්
ඇදෙන විට නුඹ මගේ හද වෙත
සැලෙන සුදු මුදු මගේ කැල්මන්
මවිත කරවයි සිත‘රැදි ස්නේහය

පතමි හිදිනෙමි ලගින් සැනසෙමි
මට උරුම වුන මගේම ප්‍රේමය
හිදිමි පුදදෙමි නිතින් සැනසෙමි
සසර නික්මෙන තුරුම ජිවය

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?