Friday, July 13, 2012

ඉන්න හදද්දි නුඔට ලංවෙලා
නුඔමයි මට යන්න කියන්නේ
යන්න හදද්දි නුඹෙන් වෙන්වෙලා
නුඹමයි මට යන්න නොදෙන්නේ

ආසයි නුඔ ලඟ තුරුලේ වෙලෙමින්

නුඹේ සෙනෙහෙ ගඟ හිතින් විඳින්නට
අවසර නැති කල ලඟින් ඉන්න මට
මාසිත රිදවයි සැමරුම් සිහි කර

නුඹේ සෙනෙහෙ මම සිතින් දාරාගෙන

නුඔට දුරින් මම ඉන්න හදන විට
නුඹමයි මා නැවත සොයාගෙන
යන්න නොදෙන්නේ පාර වසාගෙන

මතකය ලග නෙතු රදවාගෙන

සුසුමක උණුසුම දෝත දාරාගෙන
නුඹගේ ලඟ මා ඉන්න පතන විට
නුඹමයි මට යන්න කියන්නේ

පැරුණු හිත මගේ මමම තියාගෙන

ඉන්නම් මම නුඹේ සෙනෙහෙ දාරාගෙන
යන්නට කියනා තෙක් නුඹ මට
ඉන්නම් විඳිමින් නොලැබෙන නුඹේ පෙම

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?