Wednesday, July 25, 2012

මවුනි දයාබර

නෙතු හඩන දා කඳුලු වැල් හිදි නෙතේ තනියට
හිත හඩන දා සුසම්වැල් ලග රැදෙයි හිතේ තනියට
මම හඩනා දා හිතත් අසරණ වෙයි තවත් හොඳටම
තනිව හිදින දා කවුරුවත් නැ ලඟ මවුනි නුඹ හැර

යොමා හසකැන් දෙමින් හසරැලි මගේ මුවඟට
හදයි නුඹ නිති දෙන්න අත් වැල මගේ දිවියට
නොමැත සුවයක් ලඟ නොමැතිනම් මට විඳිනට
මුවුනි සැමදා නුඹයි මගේ ලඟ හිටියේ තනියට

සසර සැමදා අතර මඟදි හදේ දුක් කඳ නිව්ව අම්මා
හිතේ සුසුමන් ගලන විටදි සතුට නිති මට දුන්න අම්මා
හිතින් මා නොසැලි හිදින්නම් මගේ ලඟ උන් සිසිල අම්මා
අද හෙටත් නොව මතු මතුත් මගේ එක සැනසුම නුඹයි අම්මා

3 comments:

  1. සුසුමන් අතර හිත සනසන නුඹේ අම්මා
    ගැන සත්තකයි සතුටුයි මට නැත ඉර්ෂා
    වාසනාවන්ත දියණියකයි හිතෙන්නා
    අම්මා නැති උන්ගෙ දුක් කවුරුද බලන්නා??????

    ReplyDelete
  2. අම්මා ගැන නං කවි කොච්චර ලිව්වත් මදි!!!

    ඉවරයකුත් නෑ!!

    සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. හම් ඇත්ත කොච්චර ලියුවත් ලියලා නිම කරන්න බැරි සෙනෙහසක් තමයි මවු සෙනෙහස

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?