Saturday, July 21, 2012

පෙම් මළගම

ලඟදිම දවසක් මළ ගෙයක් තියෙවි
නුඹ ඇවිත් ඉන්වාද තනිය මකන්නට
ලඟදිම දවසක හැමොන්ගෙම ඇත් වි යාවි
ඒ දවසට නුඹටත් මගේ පාඵව දැනේවිද
ලඟදිම දවසක
සුදු කොඩි එල්ලාවි...
හෙවිසි වයාවි....
මහ සෙනඟ මැත්දෙන්
මගේ මළ ගම තියෙවි
නුඹ එනවාද එදිනට
මගේ ලඟ තනිය මකන්නට
ලඟදිම දවසක මේ සියල්ල අත්හැර
මාත් වෙන්ව යාවි
එදිනවටත් සැනසිම ලැබෙවි
එදිනට මං වෙනුවෙන් හඩන්නට
එකම එක කඳුලක්
ඔය නෙතේ ඉතුරු කර ගනු මැනවි.


No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?