Thursday, July 26, 2012

තිත තිබු කවිකම

නොලියන්නම් තවත් කවි වැල් නුඹ නමට
නොසිතන්නම් තවත් සිතුවැල් නුඹ හදට
වෙන්ව ඉන්නම් තවත් මම පෙර ලෙසට
නොහල ඉන්නම් තවත් කදුලැලි අපේ පෙමට

ආදර වියෝ දුක මෙලෙසින් මට රිදවනවා..

. මා හද සොවින් තව නුඹ ගැන ළතවෙනවා...
නොලියා ඉන්න කියමින් සිත වද දෙනවා...
මම අද මේ ලෙසින් කවි සිත වළලනවා

නොහිතා ඉන්නනම් තවත් නුඹේ ඔය මතකය
නොදොඩා ඉන්නෙමි සිතින් දවමින් චිතකය...
නොදවා හිඳිමින් යළි යළිත් මගෙ සිතකය...
යළිත් නොපතමි සෙනෙහසේ සුව දුරකය..

පොඩි හාමුදුරුවෝ

බෝ මඵවේ වැලි අතරේ
මගේ පිය සටහන් අතරේ
බුදු සුවඳයි මට දැනුනේ
යන එන විට වැලි මඵවේ

වැලි සෙල්ලම් පිටියේ
දඟ කරනා ළමයින්ගේ
සතුටු සිනා දුටු මුවගේ
කඳුඵ හැගෙයි මා නෙතඟේ

බුදු මිදුගේ පිහිට පතා
බුදු සිවුරත් දෝත දරා
බුදු සසුනේ සැනසුනුදා
ලොව්තුරු සුව මට දැනුනා

හිමි ගිය මඟ මම යන්නම්
හිමි ගුණ ලඟ නැලවෙන්නම්
මවනු එපා නෙත් අතරට
කෙලි සෙල්ලම් පිටියක්නම්

දම් පාට සඳ

ඉර බහින හැන්දෑවේ
සද ඇවිත් මගේ පාඵ අහසට
හිටයා වගේ මතකයි
මගේ ලඟ තනි නොතනියට

මතකයම හද දවාවි

හිත ඉකි ගසා හඩාවි
කවුරුවත් ලඟ නැති පාලු රැයම
සඳම විතරක් තනි මකාවි

දම් පාට සද බැහැලා යාවි
යලිත් හිරු නැගලා ඒවි
දෙනොදහකට එළිය දුන් සඳ
කිසිත් නොකියම යන්න යාවි

Wednesday, July 25, 2012

මවුනි දයාබර

නෙතු හඩන දා කඳුලු වැල් හිදි නෙතේ තනියට
හිත හඩන දා සුසම්වැල් ලග රැදෙයි හිතේ තනියට
මම හඩනා දා හිතත් අසරණ වෙයි තවත් හොඳටම
තනිව හිදින දා කවුරුවත් නැ ලඟ මවුනි නුඹ හැර

යොමා හසකැන් දෙමින් හසරැලි මගේ මුවඟට
හදයි නුඹ නිති දෙන්න අත් වැල මගේ දිවියට
නොමැත සුවයක් ලඟ නොමැතිනම් මට විඳිනට
මුවුනි සැමදා නුඹයි මගේ ලඟ හිටියේ තනියට

සසර සැමදා අතර මඟදි හදේ දුක් කඳ නිව්ව අම්මා
හිතේ සුසුමන් ගලන විටදි සතුට නිති මට දුන්න අම්මා
හිතින් මා නොසැලි හිදින්නම් මගේ ලඟ උන් සිසිල අම්මා
අද හෙටත් නොව මතු මතුත් මගේ එක සැනසුම නුඹයි අම්මා

Monday, July 23, 2012

පෙම් සිත

හද සනසන නෙතු කලඹන පෙම් ස්වරය ලියැවුන
හෙමි හෙමින් සැනසෙමින් මගේ සිත ලඟම රුදුන
මතකයන් පොදි බැදන් නෙතු හෙමි හෙමින් සිඹින
පෙම් හිතක් ලඟ තිබුනාලු නුඹ නමින් සිත්තම්කරන

නෙතු සිඹින හිනයෙම පෙම් පිරුව රුව ඇඳෙන
පෙම පිරුනු පින් හිතක් තිබුනාලු මගේ ලඟම
හද බැතින් පෙම් පිරි නුවන් යුග කලබන්න
නුඹ ඇවිත් ඇවිත් හිටියාලු හිත් ගඟේ මුඵ රෑම

කඳුලක්ව ඇද හැලෙනු මගේ දිවිය සරසන්න
නුඹ ආවා ගණදුරට පහන්ක්ව ලඟ ඉන්න
හද මගේ පුබුදන්න පෙම් සිතම ඇහැරන්න
හැමදාම ලඟ ඉන්න මං ගාව මෙලෙසින්ම

Saturday, July 21, 2012

පෙම්බර වදන් මිහරියි සුව මතක රැස
නුඹ රජ කරනවා තවමත් මගේ මතක තුල
කඵවර සෙවනැලි පෙනුනත් මට අතරමග
හැරයමි අදුරු පෙම උණු කදුලැලි තුරුලු කර

පෑ සෙනෙහස තාමත් මගේ මතකේ තියේ
එ රන් විමන තාමත් සුව මිහිර ගෙනේ
වෙන්වුයේ මම නුඹ වෙත යලි එන්න නොවේ
එනමුත් නුඹේ සුවඳ හද කිතිකවනවා මගේ

හිතකින් නොවේ මම නෙතු බොඳ කෙරුවේ නුඹේ
කඳුලැලි බරයි ම'යේ උහුලන්නට නොහැකි ලෙ‍සේ
සෙනෙහෙ තාමත් එලෙසම මා හද තුලම රුදේ
සතුටින් ඉහිරි හිඳිනු මැන නුඹ ඇය හා සැම කලේ
පෙනෙන ඉමක හිඳ බලන විටදි මම - ඔබ එහි තුල හිනැහි යනවා
ඇහෙන ඉමක හිද සොයනවිටදි මම - ඔබ හඩ රුව්පිලිරුව් දෙනවා
හිතන විටදි මම සෙනෙ ගගුල ලඟ - නුඹ මවෙතට පාවි එනවා
පතන විටදි එසෙනෙ සදාකල් - නුඹ මවෙතින් ඇතට යනවා

සුසුමන් ඉවසා තනි වෙන විට මං - හැඟුමක පාවි නුඹ එනවා
සැනසුම ගෙනෙනා අඳුනක් වේනම් - එරුව තුල නුඹ රජයනවා
මිහමත සැනසුම ලැබෙන යමක් යම් - ඒ තුල නුඹ හිනැහියනවා
සුසුමන් මියැදි සැනසුම හිමිනම් - නුඹ අසලින් මම සැනසෙනවා


ඔය දැසෙන් කියනා සතුටු කතාවක් තවමත් ලියැවෙනවා
මා දැසෙන් මැවෙනා ප්‍රේම කතාවක් තවමත් හිනැහෙනවා
ආදරයේ සුව රහස් කතාවක් අපි වට තව ලියැවෙනවා
සිහින අසපුවෙන් බැස මම අද නුඹේ ලොව සැනසෙනවා


මම නුඹෙයි කියා නුඹෙන් ඇසෙන වාරයක් පුරා
නුඹ ලගින් ඉන්න මම පෙරමි පුරන කාලයක් සරා
හිත සනස ගන්න මම නුඹේ ලඟ සුසුම්ලන නිසා
මම නුඹේ වෙන්න හින මවයි මුඵ රැයක් පුරා

මේ සුසුම් බරයි ඉඩ හිත නැහැ දරන්නට තවත්‍
ලඟින් නොමැතිනම් බැහැ සැනසෙන්න මට තවත්
හිතක් නොමැතිනම් බැහැ කවි මවනු මට තවත්
ගොලු වු හදක් ලග මුනිවත රකිනු බැහැ මට තවත්

නිකුමුනු සිත

නෙත මත රුදුනු රුව මට නුඹ හරි අගේ ඇති
සිත මගේ සොයනවා තවමත් ඒරුව සිනාසිසි
මවමින් තවම නුඹේ සුදු වත මම හදේ රැදේ
සත්තයි මම කල් බලනවා දකිනට සිතේ සරි

මැවු පෙම් මාලිඟා අප ඒදවස හරි ආදරයෙන්
මිමිණු පෙම් වදන් මිහිරි තවමත් සාදරයෙන්
සිහියට නැගෙනවා අප ආගිය හැටි සෙනෙහෙ සිතින්
විසිරුනේ ඇයි මේලෙස අප ආ මග නොසිතු ලෙසින්

දහසක් සෝ සුසුම් දරමින් මගේ හිත මේ විලසින්
තනිවම හඩනවා මම මතකෙට ගෙන නුඹේ සුසුමන්
විදවන මගේ සිත සනසන්න යලි නුඹ ආදරයෙන්
නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්


තාමත් පෙම් කරනවා

රෑයම පිපෙන සුදු සඳ වට දිලෙන
පුංවි තරුකැට තුලින් සැමදා සොයමි නුඹ
තිනිකම තුරුලු කරගෙන මම පපුතුරට
නෙපෙනෙන දුරක හිද තාමත් පතමි නුඹ

ඇස් අග හිනැහුන කදුලු කැටි හැම තරුලු කර
තනිවම මවනවා නුඹේ රුව මම කඳුඵ තුල
නොලැබෙන සෙනෙහෙ තමත් හද තුරුලු කර
දින සති ගෙවනවා මම තනිවම නිරන්තර

දුරින් හිද හිනැහෙන නුඹ මසිතට සුපුන් සඳ
ලන්වෙන්න නොහැකි ලෙස තාමත් දුරයි මට
ඒත සඳ ලඟ දිලෙන පුංචි තරුකැටය ලෙස
තාමත් පෙම් කරනවා නොලැබෙන ඔය හිතට

මම හිටියාද නුඹ වගේ ගාව මේ

සන්සාරේ පොත පුරා නුඹ දුර ඇත හිද
මගේ ලඟ හිටියාද අද වගේ
පපුතුරේ සැඟවිලා ආදරෙන් නැහැවිලා
 

 මම හිටියාද නුඹ වගේ  ගාව මේලෙ

ඉඟිපාන නුඹේ ඔය දඟකාර හිතගාව
ඉන්නහිතයි මට හැමදා සැනසිල්ලේ
සිහිනයෙන් වත් ඇවිත් මදහාස පෙන්නාල
රිදවාල නුඹ යයිද මසිතට හොර රහසේ

නිල නුවන් අග නුඹ ලිව පෙම් ගිත
තවම කියැවෙවි මගේ හිත අස්සේ
හිත ගාව ඉඳන් නුඹ දගපාන මුත්
ලඟින් හිද සැන්සෙන්න උවම් නැත්තේ

ඉන්නම් ඉතින් හැමකල්

ලංවි ලඟින් හිනැහි - මිමිණු පෙම් වදන් මිහිරි
හිනැහි ලඟන් සැනසි - තෙපලු රස කතා මහිරි
සැනසි ලඟින් නැලවි- බැඳුනු ආලේ මිහිරි
නැලවි හිතින් සැනසි - රැදුනු ස්නේහේ මිහිරි

බැදෙමින් ලඟින් රුදෙමින් - ඉඳිමින් සිතින් නොසැලි
සිතමින් එකම පැතුමන් - රැදෙමින් හදේ කොනෙකින්
ඇවිදින් සසර හැමකල් - බැදෙමින් පෙමින් නිතියෙන්
රකිමින් සෙනෙහෙ බැතියෙන් - ඉන්නම් ඉතින් හැමකල්

නව පිටුව

සිතැඟි අද්දර නලියන මගේ පෙම් සිත්තරය
ලස්සනට හැඩ කරමි නුඹේ පෙම එයට මුසු කර
ලද මා නව පන්නරය නුඹේ පෙම අභිමුඛව
අවසරයි කිමදෙන්න නුඹේ ආදර ගග තුල

සෙනෙහසින් නැහැවෙන් ආදරෙන් කිමිදෙන්න
අපි අපිම මඟ ලබුමු අපේ ලොව සැනසෙන්න
අලුත් ලොව ජය ගන්න නුඹේ ලඟින් සැනසෙන්න
යලිත් පෙරලමි මම මගේ දිවියේ නව පිටුව

මටම අවනත නොවුන මගේම පෙම් හිත

මටත් නොතෙරෙන
මගේ හිත
හරි අපුරුවට
සිත්තම් කර නුඹ
පාට සිත්තමක් සේ....
මටත් අවනත
නොවු මගේ හිත
හරි අපරුවට
‍මෙල්ල කර
නුඹේ හිත ලඟ.....
සදා රැදෙමයි කියා
දිව්රමින්
මගේ නනලත සිඹ
මටත් හොරෙන්
මගේ හිත ලඟ ලැඟුම් ගත් නුඹ‍
තවකෙකුට
පැතුම් පොදි පෙන්නමින්
තව සිතක් කියවන අපුරුව
මටත් නොතෙරෙයි තවම

__________________
වෙන්ව යමු දැන් අපි ඉතින්
අවසරයි නුඹට දැන් සමුගන්න
මම හිදින්නම් මෙහෙම
මගේම ලෝකයේ තනිව
දුන් හින ඇති මෙමට
මගේ තනිනොතනයට

තවත් දිගු කරන්නේ කිමද
අපට හිමි නැති අපේ පෙම් සසර

වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

මතක පොත දිග හැර - අපේ සැමුරුම් දඟ කර
ජිවිතේන් මට උරුම - කඳුල සුසුමට ලංකර
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

නැහැ දුකක් මසිතට - නැහැ සුසුම් මයේ හදට
වෙදනා බර නලියන - එකම සැනසුම අපේ පෙම
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

සුභ පැතුම් එක්කරමි - නව දිවිය සරු වේවි
නුඹ සතුට ලං වේවි - නුඹේ දිවිය එළි වෙවි
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

මතක දඟ කරන - මගේ දුක් පෙම් කවිය
අද හෙටත් මතුමතුත් - ලියනවා මම තනිව
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

නොලියා හිත අද්දර - දග කරන නුඹේ මතක
රිදෙනවිට මගේ හිත - යන්න හදනවා සසර අතහැර
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

වාසනාවන්

උදා ඉරක් සේ ලොව සරසන්නට
හිමිදිරි උදයේ සිත සනසන්නට
පෙර මන් බලනා සිහින ඉසව්වෙන්
ආසයි යන්නට අවිදන් ලෝකේට

පිබිදුනු පැතුමන් හිත තුල නලියන කැල්මන්
සැලෙන සිතින් ලොව නලවයි කැලමෙන්
ඉටුවන රිසියෙන් පතනෙමි සෙනෙහින්
වන්නට නව ලොව වාසනාවන්

මළ ප්‍රේ ම ය ට

සමු ගත්ත
නුඹේ
මළ

ප්‍රේ





තවම

ඉඩ හදනවා
මම
මගේ මළ
හදවත තුලම
එන්න....
යලි
සැතපෙන්න
මගේ
ඉරිතැලුනු
සිත මත

මළ ප්‍රේම පොත

ප්‍රේමය
මිය ගොස්
අවසන්ය
මිහිදන් වි
අහවරය


මු
දු

මැරුනු හිත
යලි යලිත්
ඉපැදෙයි
නුඹේ මළ
පාඵ සොහොන
ළඟ
   මේ අසුන මං වගේම
තවත් අයට
ඇදි ගන්න ඉඩ දෙන්නැති.....
ගිමන් නිවන් සැනසුන අය
අසුන යලා යන්ට ඇති.....
මට වාගේම ඒ අයටත්
මට දැන්න සුවය 
දැනේන ඇති....
සුව විඳි අය
තවත් අලුත් සුවක්
සොයගෙන යන්නම ඇති....
මට විතරක් ඇයි මේ 
අසුන
යන්න නොදි තියාගන්නේ


හිත තුල මගේ දහසක් දේවල් නලියයි
ඉඳහිට මගේ ලඟවිත් රහසක් කොඳුරයි
ලඟ ලඟ හිදන් මගේ හිත මත නැලවෙයි
හිනෙන් වුනත් දැන් ලං වෙන්න හිතෙයි

රහසක් කොඳුරලා නුඹ මගේ ලඟට ඇවිත්
ඔච්චම්කලා නුඹ හොරුහින් මදෙස බලන්
ලං වි දැවටි මගේ ලඟ නුඹ සෙනෙහෙසිතින්
හිටියා වගේ මතකයි අපි අපිටම ආදරයන්

සැනසෙන වදන් මිහිරි මගේ හිත ගාව
නුලෙවෙන සිතුම් මිහිරි මගේ නෙත ගාව
මුමණන හින සොඳුරුයි මගේ පෙම ගාව
ඉන්නට පතන්නේමි මම සැමදා නුඹ ගාව

පුබුදයි හැඳුම් මගේ හැමදා ආදරයෙන්
නලවයි සුසුම් තවමත් මා සාදරයෙන්
මිහිරි වදන් සැමදා සනසන මගේ දෙසවන්
ඉන්නම් ඉතින් හැමදා මම එකම හිතින්

ආදරේ

ලංවි ලඟින් හිනැහි - මිමිණු පෙම් වදන් මිහිරි
හිනැහි ලඟන් සැනසි - තෙපලු රස කතා මිහිරි
සැනසි ලඟින් නැලවි- බැඳුනු ආලේ මිහිරි
නැලවි හිතින් සැනසි - රැදුනු ස්නේහේ මිහිරි

බැදෙමින් ලඟින් රුදෙමින් - ඉඳිමින් සිතින් නොසැලි

සිතමින් එකම පැතුමන් - රැදෙමින් හදේ කොනෙකින්
ඇවිදින් සසර හැමකල් - බැදෙමින් පෙමින් නිතියෙන්
රකිමින් සෙනෙහෙ බැතියෙන් - ඉන්නම් ඉතින් හැමකල්

ඉන්න නුඹ නුඹේ පාඩුවේම

නුඹ ඔහේ ගියපු පාඩුවේ ඉන්න
මම මෙහෙ මගේ පාඩුවේ ඉන්නම්
නුඹ ඔහේ ගියපු පාඩුවේ ඉන්න

අපි අපිම තැනු අපේ පෙම් ලොව

ඉරතලා අපි දෙකඩ වෙන්කර
සමුගත්තේ යලි හමුනොවෙන්න
නුඹ ඔහේ ගියපුපාඩුවේ ඉන්න
මම මෙහෙ මගේ පාඩුවේ ඉන්නම්

මම මෙහෙම නැවතුනුම තැන
නුඹ ඔහොම ගියපු තැනම
ඉන්න යලි නොහැරෙන්න
අපි අපේ පාඩුවේම ඉමු
අපිට අපි අයිතිනැහැ
අපි අපේ වෙන්නේ නැහැ
නුඹ ඔහේ ගියපු පාඩුවේ ඉන්න
මම මෙහෙ මගේ පාඩුවේ ඉන්නම්

සොඳුරු කළාකරුවාණෙනි

කියන්නට
වදන් නැහැ
ලියන්නට
හැගුම් නැහැ
නුඹයි

අමයුරු ස්වරය
නුඹයි

අමයුරු මිහිර
ඇසට කදුලක්
හිතට සුසමක්
කණට මිහිරක්
එක් කරල
එකම
ගි දැහන
තව තවත්
කාලයක් යෙහෙන්
වැජඹෙනු මැන

නිසල පෙම

සුමුදු සියුමැලි නුඹේ රතැගිලි
සලිත කරවයි මගේ සියොලග
නුහුරු නුපුරුදු නුඹේ කැල්මන්
මවිත කරවයි මගේ ප්‍රේමය

හෙමින් ලඟ ලඟ දෙයඩි තබමින්
ඇදෙන විට නුඹ මගේ හද වෙත
සැලෙන සුදු මුදු මගේ කැල්මන්
මවිත කරවයි සිත‘රැදි ස්නේහය

පතමි හිදිනෙමි ලගින් සැනසෙමි
මට උරුම වුන මගේම ප්‍රේමය
හිදිමි පුදදෙමි නිතින් සැනසෙමි
සසර නික්මෙන තුරුම ජිවය

පෙම් මළගම

ලඟදිම දවසක් මළ ගෙයක් තියෙවි
නුඹ ඇවිත් ඉන්වාද තනිය මකන්නට
ලඟදිම දවසක හැමොන්ගෙම ඇත් වි යාවි
ඒ දවසට නුඹටත් මගේ පාඵව දැනේවිද
ලඟදිම දවසක
සුදු කොඩි එල්ලාවි...
හෙවිසි වයාවි....
මහ සෙනඟ මැත්දෙන්
මගේ මළ ගම තියෙවි
නුඹ එනවාද එදිනට
මගේ ලඟ තනිය මකන්නට
ලඟදිම දවසක මේ සියල්ල අත්හැර
මාත් වෙන්ව යාවි
එදිනවටත් සැනසිම ලැබෙවි
එදිනට මං වෙනුවෙන් හඩන්නට
එකම එක කඳුලක්
ඔය නෙතේ ඉතුරු කර ගනු මැනවි.


Tuesday, July 17, 2012

නිදහස

දිගුකරන්
මගේ දෙඅත
මේ දියත
සරිසරන්නට....
යලි ලදිමි
මම වරම්
කිරිල්ලියකසේ
හිනැහෙමින්...
පියඹා යන්නම්
ගඟන පුරාවට..
සොයා මා
මගේ නිදහස...
ඉඩදෙන්න
මට විඳන්න...
නිදහසේ
අමර සුව

Saturday, July 14, 2012

ලඟ නැති සඳ නුඹ

රෑයම පිපෙන සුදු සඳ වට දිලෙන
පුංවි තරුකැට තුලින් සැමදා සොයමි නුඹ
තිනිකම තුරුලු කරගෙන මම පපුතුරට
නෙපෙනෙන දුරක හිද තාමත් පතමි නුඹ

ඇස් අග හිනැහුන කදුලු කැටි හැම තරුලු කර
තනිවම මවනවා නුඹේ රුව මම කඳුඵ තුල
නොලැබෙන සෙනෙහෙ තමත් හද තුරුලු කර
දින සති ගෙවනවා මම තනිවම නිරන්තර

දුරින් හිද හිනැහෙන නුඹ මසිතට සුපුන් සඳ
ලන්වෙන්න නොහැකි ලෙස තාමත් දුරයි මට
ඒත සඳ ලඟ දිලෙන පුංචි තරුකැටය ලෙස
තාමත් පෙම් කරනවා නොලැබෙන ඔය හිතට

Friday, July 13, 2012

අවසානය



ජීවිතයේ ඇත්ත
ගැන දැන මමද
අවසානය යන්න
මමද දැන ගතිමි 
යලිත්..
ඔබ නැති නිසාවෙන්
තවදුරටත්
පෙම් සිහින දහසක් මවෙතින් ගෙනා
සිත මගේ නුඔ ලඟ රහසේම නැවතිලා
අරුතක් නොපෙනන ලොවේ මා තනි වෙලා
අහිමි ආදරේ සුවඳ මා සුවපත් කලා

ආලෙන් වෙලි මා හද පුරා

ඇවිදින් ලංව සිටි කාලය පුරා
ප්‍රේමය සුවයි මා ජිවය පුරා
වැලලි ගිහින් ඒ ප්‍රේමය නුරා

මිහිරි දුකත් ප්‍රේමය මගේ

තනිකම ලඟයි තනියට මගේ
සෙනෙහෙ දුරයි මසිතට නුඹේ
මිහිදන් වෙලා සිත ලඟ ප්‍රේමය නුඹේ

වැස්ස නුඹ..........




සඳ තරැ පිස දමා බිම වැටෙන
                   මේ වැස්ස නුඹ් හිතයි...
ඇහැරේන්න පෙර ඵ් හිතට
                    ඇඵම් කල තණ පත මමයි...

සඳ  තරැ තරම් මා සතුව
                   හිනවත් ඇත්දැයි සැකයි...
නමුදු සිත යටට වි නුඹ
                   නෙතු ලඟද උන්නා වගෙයි..

සඳත් තරැවත් පසුකරන්
ඵන්න නම් මට බැරි හැඞයි...
පිබිදෙන්න පෙර ඵ් හිතම
                   වසාගත් වැහි බිඳ නුඹයි....

මගේ සිත යටට වි නුඹ
                   නෙතු කඳුඵ සැලුවි වගේයි
වැස්ස නුඹ වැටියන් ...හේදිලා යන තුරැම
                   මමයි මගේ අසරණ හිතයි......
මල් සුවඳ තිබුණා නුඹේ සුවඳ එහි රැඳුනා
වෙණ හඩක් තිබුණා නුඹෙ හුස්ම එහි ඇසුනා
ගි හිතක් තිබුණා නුඹේ සෙනෙහෙ එහි ලිව්වා
පෙම් කවක් තිබුණා නුඹේ තනුව එහි ගැයුනා

ආදරේ අමුණා පද එකට ලීවා

පෙම් තනුව තවරා ගි මිහිර වින්දා
සිල් සුවඳ හමලා මල්සුවඳ තවරා
ආදරේ මුදු පහස මම නුඹෙන් වින්ඳා...

සිහින කුමරා

නිදන නෙතු ලඟට ඇවිඳන්
අපේ සැමරුම් ඳග කරන්
නුඹ මගේ හිනයේ තව
සිහින කුමරා ලෙස ඇවිත්

නෙතු පියන් ලඟ ඉඳන්

ඉඟිපාන මගේ සිහින
තවම සුව ගෙනෙනවා මට
නුඹ නොමැති මගේ ලොවට

තනිකරේ කිමද නුඹ

හැරදාමා මා මෙලස
නුඹ දුන්න හිනයේ හැඩ
තවම ලෙන්ගතුයි මසිතට

සැනසුම

මදනලක් සේ නුඔ ඇවිත් හිත් ගැබට
හිනයක් සේ පෙනි නොපෙනි නෙතු අතර
ලතාවක් සේ නැලවිලා මගේ හිත ලඟ
ආදරේ මුසු කලා හෙමි හෙමිහිට..

ජිව්තේ සුව ලතාවක්සේ

හෙම්න් ගෙනවිත් සැනසුමක් සේ
ලඟින් හිඳිමින් සේවනැල්ල සේ
ආදරේ ඇමතුවා මහ මෙරක් සේ

ගෙනෙයි සැනසුම නූඹේ පෙම මට

දාරා ගන්නට නොහැකි තරමට
ඇවිත් තුරුලට මගේ ලඟ හිඳ
සැනසු වදන් ඇති මට තනියට
ආදරේ සිත්තම් පාන
නුඹේ සෙනෙහස ගාව
මම තාම නැලවමි
හැමදාම පෙර සේම...

ජිවිතේ මල් සිහින

නූඹ මගේ සැනසිල්ල
හැමදාම ඉමු මේම
අපි දෙන්නා පෙර සේම

ලග ඉන්න මං ගාව

හැමදාම පෙරසේම
මට දෙන්න ඒ හිනේ
හැඩ දාන්න හැමදාම


ආදරේ සිත්තම් පාන
නුඹේ සෙනෙහස ගාව
මම තාම නැලවමි
හැමදාම පෙර සේම...

ජිවිතේ මල් සිහින

නූඹ මගේ සැනසිල්ල
හැමදාම ඉමු මේම
අපි දෙන්නා පෙර සේම

ලග ඉන්න මං ගාව

හැමදාම පෙරසේම
මට දෙන්න ඒ හිනේ
හැඩ දාන්න හැමදාම
ඉන්න හදද්දි නුඔට ලංවෙලා
නුඔමයි මට යන්න කියන්නේ
යන්න හදද්දි නුඹෙන් වෙන්වෙලා
නුඹමයි මට යන්න නොදෙන්නේ

ආසයි නුඔ ලඟ තුරුලේ වෙලෙමින්

නුඹේ සෙනෙහෙ ගඟ හිතින් විඳින්නට
අවසර නැති කල ලඟින් ඉන්න මට
මාසිත රිදවයි සැමරුම් සිහි කර

නුඹේ සෙනෙහෙ මම සිතින් දාරාගෙන

නුඔට දුරින් මම ඉන්න හදන විට
නුඹමයි මා නැවත සොයාගෙන
යන්න නොදෙන්නේ පාර වසාගෙන

මතකය ලග නෙතු රදවාගෙන

සුසුමක උණුසුම දෝත දාරාගෙන
නුඹගේ ලඟ මා ඉන්න පතන විට
නුඹමයි මට යන්න කියන්නේ

පැරුණු හිත මගේ මමම තියාගෙන

ඉන්නම් මම නුඹේ සෙනෙහෙ දාරාගෙන
යන්නට කියනා තෙක් නුඹ මට
ඉන්නම් විඳිමින් නොලැබෙන නුඹේ පෙම

අපට උරුම නැ අපි දෙන්නා












මතකය හදවත පාරවී
සෙනෙහස හිත තුල හංගා
ඔබ එන දවසක්‌ එනතුරු
දෙනෙත් අයගෙන මා උන්නා'

කල්පයකට පසු අපි දෙන්නා
යලි හමුවන්නට පින් කෙරුවා
දෙයත් වෙල් බැන්දගෙන...සෙනෙහස දවටා
මුහුන බලාගෙන මා උන්නා

ඇස්‌ අග හිනැහුන කදුලක්‌ 
වැලපෙයි දුක හිත තුල රන්දා
සැනසුම.... සිනහව අපට උරුම නැ
වෙන් වි යමු අපි දෙන්නා
අපට උරුම නැ අපි දෙන්නා

ඔබ ඇවිත් නැවිත් ගිහින් තිබුනා

ඔබ එතැයි මම මග බලන් හිටියා 
දින ගනන් සති ගනන් 
දැස්‌ අයගෙන පාර බලාගෙන 
සුමුදු පියවර තබා එන මග 
සුදුසු පියවිලි එලා තිබුනා......

ඔබෙ රුව නෙත්මානයෙන් වෙන්වි
කල්පයක්‌ කල් නොදැනිම ගෙවුනා
ඔබ එතැයි කියා දැස්‌ අයාගෙන 
මගේ සිත් මඩල තුල සුසුමන් හෙඵවා....
නුඔ නොඑන බව මට සිතගන්නත් බැරිව සිටියා

හිරව වියලුන මගෙ දෙතොලග 
සිනහවේ සඳකැන් ද ගැලුවා
ඔබේ උනුහුම සිහිනෙන්ද පැතු මා 
කදුලකටද ඉඩදි මගේ  හිතට යලි
ඔබ ඇවිත් නැවිත් ගිහින් තිබුනා!!!

යලි වඩින්න

 












නෙත මත රුදුනු රුව මට නුඹ හරි අගේ ඇති
සිත මගේ සොයනවා තවමත් ඒරුව සිනාසිසි
මවමින් තවම නුඹේ සුදු වත මම හදේ රැදේ
සත්තයි මම කල් බලනවා දකිනට සිතේ සරි

මැවු පෙම් මාලිඟා අප ඒදවස හරි ආදරයෙන්
මිමිණු පෙම් වදන් මිහිරි තවමත් සාදරයෙන්
සිහියට නැගෙනවා අප ආගිය හැටි සෙනෙහෙ සිතින්
විසිරුනේ ඇයි මේලෙස අප ආ මග නොසිතු ලෙසින්



දහසක් සෝ සුසුම් දරමින් මගේ හිත මේ විලසින්
තනිවම හඩනවා මම මතකෙට ගෙන නුඹේ සුසුමන්
විදවන මගේ සිත සනසන්න යලි නුඹ ආදරයෙන් 
නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්

පාට කෙරුව හින පිරුන- මගේ හින පොඩිකරන්
ආදරයේ පෙති ඉහිරුන- රෙස කැකුල තරුලු කරන්
ජිවිතයේ වන්දනාව සිහින -මතින් නතර කරන්
මා යනවා නුඹේ ලොකෙන් -යන්නම නුඹේ මතක අරන්...

මතකය ලඟ නෙතු නතරව - අපේ සැමරුම් සිහියට එයි
ජිවිතයේ තක්සලාව- සැමරුමි ලඟ යන්න නොදයි
ආදරයේ වෙදනාව- දරාගන්න හිතට දුරයි
මා නුඔ ලඟ සැනසුනු හැටි- අද වාගෙම මට මතකයි

මම යන්නම් නුඹෙන් වෙන්ව - සැමරුම් ඇති මගේ තනියට
හැමදාමත් හිදුනු මැනවි - නුඹ සතුටින් හින අරන්
හැරුනොතින් කෙදිනක හො - නුඹේ ලොකෙන් ආ මග වෙත
මෙ හිත නැහැ ආදරයෙන් - යලි වඩින්නේ නුඹේ ලොකේට

සුභ පතනෙමි -මම-නුඔ- සැනසෙද්දි



මතකය අභියස - දෙදන තියාගෙන
හැඩුවා මම - නුඹේ මතක අරන්
සිහිවෙනවා මට - නෙත් කදුඵ කතන්දර
අපි ලං වු හැටි - ලොවට හොරෙන්

ආදර මාළිඟ - සිහින පියාපත්
තාමත් සුවඳයි - සිතට මගේ
කෝල කතන්නදර - සුවඳ සිනාකැන්
මහද සරසයි - නුඔට හොරෙන්

බොද වු පැතුමන් - ඉකිබිඳලද්දි
නුඔ සතුටෙන් - ඇ සුව සිහිනේ
ඉවසන්නම් මම - නුඔගේ නාමෙන්
එක්වෙන නොහැකිව - මම තනිවෙද්දි

සුභ පතනෙමි -මම-නුඔ- සැනසෙද්දි

මට මං අයති නැති

සිත තුල නලියන දහසක් සිතුවිලි සිරකර ඉන්නට බැහැ
කොපමණ සිතුවත් නුඹ ගැන මතකය අමතක වෙන්නේ නැහැ
මට හිමිනොවෙනා නුඹගේ සෙනෙහස සිත පිළිගන්නේ නැහැ
දෝත රදාගෙන සෙනෙහෙ විඳින්නට මට අද කවුරුත් නැහැ

මන්මාවත් වල දෑගිලි පටලන් අප ආගියපු හැටි
අදවාගෙම මට තාමත් මතකයි ඒ සුව සිහිනේ රිසි
ජිවිතයේ සුව දෝතින් ගෙන නුඹ ලන් වුව හැටි
අමතක කරනුයෙ කෙලෙසද මට මං අයති නැති

ආසයි ආයෙත් නුඹගේ තුරුලට ඇවිඳින් දැවටෙන්න
ඉඳහිටවත් සිහිකරමින් නුඹ ලඟ යලි සැනසෙන්න
මසිතට එඹේනා නුඹගේ රුව හද තුරුලට ගන්න
එනවානම් නුඹ මසිතට ආපසු හද දොරගුලු ඇරගන්න

මම අද නුඹේ ලොව සැනසෙනවා

ඔය දැසෙන් කියනා සතුටු කතාවක් තවමත් ලියැවෙනවා
මා දැසෙන් මැවෙනා ප්‍රේම කතාවක් තවමත් හිනැහෙනවා
ආදරයේ සුව රහස් කතාවක් අපි වට තව ලියැවෙනවා
සිහින අසපුවෙන් බැස මම අද නුඹේ ලොව සැනසෙනවා


මම නුඹෙයි කියා නුඹෙන් ඇසෙන වාරයක් පුරා
නුඹ ලගින් ඉන්න මම පෙරමි පුරන කාලයක් සරා
හිත සනස ගන්න මම නුඹේ ලඟ සුසුම්ලන නිසා
මම නුඹේ වෙන්න හින මවයි මුඵ රැයක් පුරා

මේ සුසුම් බරයි ඉඩ හිත නැහැ දරන්නට තවත්‍
ලඟින් නොමැතිනම් බැහැ සැනසෙන්න මට තවත්
හිතක් නොමැතිනම් බැහැ කවි මවනු මට තවත්
ගොලු වු හදක් ලග මුනිවත රකිනු බැහැ මට තවත්

නුඹ අසලින් මම සැනසෙනවා

පෙනෙන ඉමක හිඳ බලන විටදි මම - ඔබ එහි තුල හිනැහි යනවා
ඇහෙන ඉමක හිද සොයනවිටදි මම - ඔබ හඩ රුව්පිලිරුව් දෙනවා
හිතන විටදි මම සෙනෙ ගගුල ලඟ - නුඹ මවෙතට පාවි එනවා
පතන විටදි එසෙනෙ සදාකල් - නුඹ මවෙතින් ඇතට යනවා

සුසුමන් ඉවසා තනි වෙන විට මං - හැඟුමක පාවි නුඹ එනවා
සැනසුම ගෙනෙනා අඳුනක් වේනම් - එරුව තුල නුඹ රජයනවා
මිහමත සැනසුම ලැබෙන යමක් යම් - ඒ තුල නුඹ හිනැහියනවා
සුසුමන් මියැදි සැනසුම හිමිනම් - නුඹ අසලින් මම
සැනසෙනවා


Thursday, July 12, 2012

නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්

නෙත මත රුදුනු රුව මට නුඹ හරි අගේ ඇති
සිත මගේ සොයනවා තවමත් ඒරුව සිනාසිසි
මවමින් තවම නුඹේ සුදු වත මම හදේ රැදේ
සත්තයි මම කල් බලනවා දකිනට සිතේ සරි

මැවු පෙම් මාලිඟා අප ඒදවස හරි ආදරයෙන්
මිමිණු පෙම් වදන් මිහිරි තවමත් සාදරයෙන්
සිහියට නැගෙනවා අප ආගිය හැටි සෙනෙහෙ සිතින්
විසිරුනේ ඇයි මේලෙස අප ආ මග නොසිතු ලෙසින්

දහසක් සෝ සුසුම් දරමින් මගේ හිත මේ විලසින්
තනිවම හඩනවා මම මතකෙට ගෙන නුඹේ සුසුමන්
විදවන මගේ සිත සනසන්න යලි නුඹ ආදරයෙන්
නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්

සිත නුඹවම සෙව්වා

තනිය මකන්නට ලීව පද වල - තනුව නුඹ වැයුවා
පාලු මකන්නට කීව ගි වල - පද අරුත සෙව්වා
මගේ හිත ලඟ රුඳි උන් නුඹ - සිත තනිය මැකුවා
අයේ කවදා නුඹ දකිවිද - සිත නුඹවම සෙව්වා

පැහැබරයි මගේ සිතත් නුඹ - ලඟ නුඹ සොයමි සැමදා
සෙනෙහෙ තවමත් ඒ වගේමයි - වෙනස් නොමවෙයි කිසිදා
මගේ පාලු හිත ඉකි බිඳියි අද - නුඹ නොමැත ලඟ මා
ඉන්න සතුටින් නුඹ සැමකල්හිම - මම ලඟයි නුඹ හා

මැවු මාලිග සිහින පැතුමන් - ඉකි ගසයි වැලපි
කිව ගිවැල් ලිව්ව පද වැල් - හද හඩයි සොවිනි
යන්න නික්මි මගෙන් වෙන්වි - දුක උරුම මට වි
ඉන්න හැමදා නුඹ සිනාවි - මම හිඳිමි තනිවි

සතුටින් ඉහිරි හිඳිනු මැන




පෙම්බර වදන් මිහරියි සුව මතක රැස
නුඹ රජ කරනවා තවමත් මගේ මතක තුල
කඵවර සෙවනැලි පෙනුනත් මට අතරමග
හැරයමි අදුරු පෙම උණු කදුලැලි තුරුලු කර

පෑ සෙනෙහස තාමත් මගේ මතකේ තියේ
එ රන් විමන තාමත් සුව මිහිර ගෙනේ
වෙන්වුයේ මම නුඹ වෙත යලි එන්න නොවේ
එනමුත් නුඹේ සුවඳ හද කිතිකවනවා මගේ

හිතකින් නොවේ මම නෙතු බොඳ කෙරුවේ නුඹේ
කඳුලැලි බරයි ම'යේ උහුලන්නට නොහැකි ලෙ‍සේ
සෙනෙහෙ තාමත් එලෙසම මා හද තුලම රුදේ
සතුටින් ඉහිරි හිඳිනු මැන නුඹ ඇය හා සැම කලේ


 මා හැර ගිය මගේ වුණ සඳ.........
 
 
සඳ රැස් මතින් සිසි හිනැහෙන රෑ යාමේ
මම නුඹ සෙව්වා රැයම ගණදුර ඔස්සේ
ඇතයි‘ නුඔ ඇතයි සැමදා මසිතට තිස්සේ
හැර මා ගියේ ඇයි මේලෙසින් දිවි කතරේ

දැගිලි බැඳන් පෙරදා අප මන් ඔස්සේ
ඇවිදන් ගියපු හැටි තාමත් සිත මත්තේ
කදුලැලි වැටෙයි මට රහසේම නෙත් අස්සේ
වැලපෙයි නෙතු මතක නගමින් සිත අස්සේ

වැලලු හින එක්කර මගේ හද මැදුර තුල
තනිවම මවනවා අද මම අපේ මතක රැස
පාලුව හොඳයි වියලුනු මගේ දිවි මගට
සතුට්න් ඉන්න නුඹ සමදා පුරුදු ලෙස

දියවි ගොසින් සිතුවිලි මගේ කදුලු මත
සිත ඉකි ගසනවා තවමත් පුරුදු ලෙස
ලඟ නැතිවුනත් දුක තනියට හිඳි මට
හැකිනම් එන්න රෑ හිනෙන් හද තුලට